පොහොට්ටුවෙන් ජී.ඇල් පන්නාදමා මහින්ද බලය අතට ගනී!

Spread the love

මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

නමුත් ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් තවමත් එය පිළිගැනීමට අපොහොසත්ව ඇත,. යථාර්තය ඔවුන් තේරුම් හොදහැටි දන්නා නමුත්  තම අනුගාමිකයන් මුලාවේ දැමීමට මෙසේ ඔවුන් රංගනයක යෙදේ.. 

වර්තමානයේදී පවා සමහර අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ මහතා තම facebook ගිණුමේ පවා සටහන් කරන්නේ ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ ලෙසය.

ගෝල්ෆේස් පිටියට පැමිණෙන ලෙස කරන ආරාධනාපත්‍රයේ මහින්ද රාජපක්ෂ මහතා තමන්ව හදුන්වා ගන්නේ “පස්වන විධායක ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්” යනුවෙනි…

ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මැයි රැලිය පොහොට්ටුවට අයත් එකකි. පොහොට්ටුවේ නායකයා වන්නේ ජි.ඇල් පිරිස් මහතායි. ඒ අනුව ගෝල්ෆේස් මැයි රැලිය පැවැත්විය යුත්තේ  ජි.ඇල් පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙනුයි. නමුත් ආරාධනාපත්‍රයේ සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යනුවෙනි.

මෙමගින් අදහස් වන්නේ ජි.ඇල් පිරිස් මහතා යනු පබයෙක් ගානට වැටි ඇති රාජපක්ෂලාගේ රූකඩයක් ලෙසද?

 

 

 

 

 

 

 

 

 

 

 

 

[rns_reactions]