ඊයේ (02) පැවැති කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද (03) දින නිකුත් කිරීමට රජය පියවර ගත්තා.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූණා.
කැබිනට් මණ්ඩයේ අනුමැතිය හිමිවීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා ඊයේ එය රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබුණා.
ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.