දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ‘යුපුන් අබේකෝන්’

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ‘යුපුන් අබේකෝන්’
Spread the love

ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර මළල ක‍්‍රීඩා තරගාවලියකදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක යුපුන් අබේකෝන් ඊයේ (08) සමත් වුණා.

මෙහිදී පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාවේ සහ ශ‍්‍රී ලංකාවේ හොඳව කාලය ලෙස ඔහු වාර්තා කළ කාලය තත්පර 10යි දශම 1යි 6ක්. (10.16ක්)

මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවේ හිමාෂ ඒෂාන් විසින් වන අතර පසුගිය වසරේ ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 10යි දශම 2ක්.

යුපුන් අබේකෝන් ඉතාලියේ නේවාසිකව සිය පුහුණුවීම් කටයුතු සිදුකරන ක්‍රීඩකයෙක් වීම ද විශේෂත්වයක්.