පවුල් ආරවුල් මත සිත් තැවුලට පත්වී තම හය හැවිරිදි පුත්‍රයා කඩුවෙල කැළණි පාලම් ගැට්ටේ ගසා ඝාතනය කර කැළණි ගඟට දමා තමන්ද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත්කල කාන්තාව බියගම පොලිසිය විසින් පසුගිය දින (29) අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙසේ අත්අඩංගුවට පත්වුයේ වැලිවේරිය ඇඔරාලුව දකුණ අංක 19/31 පදිංචිකාරියක් වන සුමුදු ප්‍රියමාලා බෝධි බැඳිගේ නැමැති 39 හැවරිදි තිදරු මවක්.
අවට සිටි පිරිසක් මෙම කාන්තාව බේරාගෙන ඇති අතර ඉහත ලිපිනයේ පදිංචිව සිටි එදිරිමුණි ලක්ෂාන් චානක සොයිසා නැමැති (6) හැවිරිදි සිසුවා ජලකඳ තුල අතුරුදන් වී ඇතිබව පොලිසිය පැවසුවේ.
තමන් ජීවත්වීමට කිසිම ආශාවක් නොමැති බැවින් පුතා සමඟ මෙලෙස දිවි හානි කර ගැනීමට උත්සාහ කළ බව එම කාන්තාවගේ විවාහක සැමියා ඇයත් සමඟ මේ වනවිට නොමැති අරත 23 වියැති පුතෙක් සහ තවත් ප්‍රත්‍රයෙකු නැදෑ සහෝදරියකට හදාවඩා ගැනීමට ලබාදී ඇති බවට පවසා තිබිණා.
මියගිය දරුවාගේ දේහය ඊයේ 30 දින අඵයම නාවික හමුදාවේ කිමිදුම් ඒකකයේ නිලධාරින් සහ බියගම පොලිසිය එක්වී කැළණි ගංඟා පතුලේ කිමිදී සොයාගෙන තිබු අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
අත්අඩංගුවට පත් කාන්තාව මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
[rns_reactions]

