සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය ගැන බොලිවුඩ් ‘නිළි ක්‍රිතිගෙන්’ සුපිරි හෙළිදරව්වක්

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය ගැන බොලිවුඩ් ‘නිළි ක්‍රිතිගෙන්’ සුපිරි හෙළිදරව්වක්
Spread the love
තරුණ බොලිවුඩ් නළුවෙකු වන සුෂාන්ත් සිං රාජ්පුත් ජුනි 14 වන දින මියගිය අතර (ඔහු සියදිවි නසාගත් බව කියැවේ) එතැන් පටන් ඔහුගේ මරණය පිළිබඳ විමර්ශනය ඉන්දියාවේ ලොකුම උනන්දුව බවට පත්ව තිබෙනවා. එම පරීක්ෂණ සම්බන්ධයෙන් ගෙවී යන සෑම දිනකම, නව වර්ධනයන් මතුවෙද්දී සිදුවන බොහෝ දේවල් වඩාත් අඳුරු වන බවක් දැකිය හැකි බවයි බොලිවුඩ් මාධ්‍ය කියන්නේ.
සමාජ මාධ්‍යවල ක්‍රිති සනොන් ගේ නවතම පෝස්ට් රසිකයන් ව්‍යාකූලත්වයට පත් කරයි 

සිදුවීම් මේ ආකාරයෙන් ඉදිරියට යද්දී ප්‍රකට බොලිව්ඩු නිළියක වන ක්‍රිති සනොන් අද (19) දින තම ඉන්ග්ටග්‍රෑම් ගිනුමේ පළ කළ අදහසක් සමාජමාධ්‍යවල වෛරස් වෙමින් තිබෙන අතර මේ වන විට මිලියන 36.7ක් ඒ පෝස්ට් එක කියවලා තිබෙන අතර ලයික් 548,608ක් දමා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රසිකයින් කියන්නේ සනොන්ගේ මේ අදහස මගින් සුෂාන්ත්ගේ මරණය පිළිබඳ මාධ්‍ය හඩ අවදි කළ බවයි. 

ක්‍රිති සනොන්ගේ පෝස්ට් එකේ කියවුනේ, “ඔවුන් ඔබ වෙනුවෙන් සටන් කරයි. එවිට ඔවුන් එකිනෙකා සමඟ සටන් කරයි. නොනවතින අවුල් ජාලයක්. එය තවදුරටත් ඔබ ගැන නොවේ. එය ඔවුන් ගැන ය. සමහර විට එය සැමවිටම විය හැකිය.” 

 ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි