අවුරුදු 16 ක දැරිය පැයකට 3000 ගානේ විකුණලා..

අවුරුදු 16 ක දැරිය පැයකට 3000 ගානේ විකුණලා..
Spread the love

තාවකාලික නවාතැම් පළක රැඳී සිටිමින් ගණිකා සේවයේ යෙදුන බව කියන අවුරුදු 16 ක බාල වයස්කාර දැරියක සහ ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු ඉකුත් 27 දා රාත‍්‍රි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත්වූවන් අතර තාවකාලික නවාතැම් පළේ කළමනාකරු, දැරිය ගැනුම්කරුවාට සම්බන්ධ කළ පුද්ගලයා සහ ඇය සමග කාමරයේ රැඳී සිටි පුද්ගලයාද වන බව පොලිසිය කියයි. ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂක උපුල් ඇතුළු පොලිස් කණ්ඩායම බප‍්‍රදේශයේ තාවකාලික නවාතැම් පළක් පරීක්ෂා කිරීමේදි එහි කාමරයක රැඳී සිටි දැරිය හා ගැනුම්කරුවා සහ නැවතුම් මධ්‍යස්ථානයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු දැරිය සම්බන්ධීකරණ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දැරිය පැයක කාලයක් සඳහා රුපියල් 3000 කට ගැනුම්කරුට ලබාදී ඇති අතර හෝටල් කළමනාකාරීත්වය දැරියට රුපියල් 2000 ක මුදලක් ලබාදීමට එකඟතාව පළකර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිස් නිලධාරීයකු පැවසීය. සැකකරුවන් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප‍්‍රියන්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස සහ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක උපුල්, සැරයන් (55277) කිත්සිරි, කොස්තාපල්වරුන් වන (36166) ඉෂාන්, (92442) වික‍්‍රමාරච්චි සහ කාන්තා (10600)නදීශා නිලධාරිනියද වැටලීමට එක්වූහ.