කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට
Spread the love

හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිය.

මේ අතර කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවුයේ ඔක්තෝබර් 10 වැනිදාය.

අද හඳුනාගත් කාන්තාව අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කළුතර මහ රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව ඇයව වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත අද යොමු කර තිබේ.