කොරෝනා හැදුනට මැරෙන්නේ බොහෝම සුළු පිරිසක්

කොරෝනා හැදුනට මැරෙන්නේ බොහෝම සුළු පිරිසක්
Spread the love

කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයන් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉතාම අඩු බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

නමුත් මෙම වෛරසයට වැඩිහිටියවන් ගොදුරු වුවහොත් ඔවුන් මරණයට පත්වීමේ ඉඩකඩ ඉහළ වැඩි බව ද ඇය සඳහන් කරන්නීය.

ඒ නිසා වැඩිහිටියන් මෙම රෝගයට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

අද පෙරවරුවේ හිරු රූපවාහිනී නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.

කොරෝනා රෝගීන් සඳහා දැනට රෝහල්වල ධාරිතාවන් ‍ප‍්‍රමාණවත් බවත් අවශ්‍ය වන්නේ නම් ඒ ඉඩකඩ පුළුල් කිරීමට කටයුතු කරන බවත් ඇය කියා සිටියාය.

උපුටා ගැනීම: ලංකා සී නිවුස්