කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරනවාසේම ජන ජිවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමින් (Live with COVID-19), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව පැවැති ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (17) දින සන්ධ්‍යාවේ දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඔක්තෝබර් මස 6 වන දින ආරම්භ වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයට සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සුදුසුකම් ලැබීය. යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලිය සඳහා පානදුර ‘සුපර් ෆැෂන්ස්’ ආයතනයේ අනුග්‍රහය මත සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම, ලංකා ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් හා ප්‍රීමා ආයතනයේ සම අනුග්‍රහකත්වයෙන් අසේල ගුණරත්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Eastern Warriors’ කණ්ඩායම, ඩිමෝ පුද්ගලික සමාගමේ අනුග්‍රහය දක්වන දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සහ ආසියා පැසිෆික් තාක්‍ෂණ පද්ධති හා මෙල්බන් මෙටල් (පුද්) සමාගමේ සම අනුග්‍රහය දක්වන තිසර පෙරේරා ගේ නායකත්වයෙන් යුත් ‘Army Western Warriors’ කණ්ඩායම් සහභාගි වූහ.
සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරඟයට තරඟවැදුණු අතර නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව තරඟාවලියේ අවසන් මහා තරඟය අද දින පැවැත්විණි.
කරට කර උණුසුම් තරඟයකින් අනතුරුව, තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ඩිමෝ පුද්ගලික සමාගමේ අනුග්‍රහය දක්වන දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සමත්විය. ඒ අනුව, තරඟාවලියේ අනුශූරතාවය පානදුර ‘සුපර් ෆැෂන්ස්’ ආයතනයේ අනුග්‍රහය මත සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායමට හිමිවිය. ‘Army Northern Warriors’ කණ්ඩායමේ නායක සීක්කූගේ ප්‍රසන්න තරඟාවලියේ වීරයා ලෙස තේරීපත්විය. හොඳම පන්දු යවන්නා ලෙස තිසර පෙරේරා තේරීපත්විය. තවද, අවසන් මහා තරඟයේ වීරයා ලෙස ‘Army Southern Warriors’ කණ්ඩායමේ සුමින්ද ලක්‍ෂාන් තේරිපත් වූ අතර තරඟාවලියේ හොඳම පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් තේරිපත්විය.

