බලය හිගන පරාජිත මහින්දට තවත් කණේ පහරක්… කාංචන ඒකාබද්ධයෙන් ඉවත්වෙයි…

Spread the love

මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයෙන් තරග කර මනාප 83,278ක් ලබා පාර්ලිමේන්තුවට පත්වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ පුත්‍රයා වන කාංචන විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුල වැඩකටයුතු කල අතර ඔහු ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය කොට තිබුනා.

මෙම දේශපාලන තීරණය සඳහා හේතුවක් ඔහු දක්වා නොතිබුනත් එයට හේතුව නාමල් රාජපක්ෂ මහතා සමග ගෝල් ෆේස් මැයි රැලිය සම්බන්ධව සිදුවූ මත ගැටුමක් බවටද රාවයක් පැතිර යන අතර ඉදිරි කාලයේදී එය රටට අනාවරණය වනු ඇත…

යම් හෙයකින් ඔහු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කිරීම පාර්ලිමේන්තුව තුලත් අත් හැරියහොත් ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රී ධුරයක් ඔවුන්ගේ කණ්ඩායමෙන් ගිලිහෙනු ඇත. ගීතා කුමාරසිංහ මන්ත්රිවරියද පාර්ලිමේන්තුවෙන් ඉවත් වන පසුබිමක මෙම වෙනස්වීම් දේශපාලන වෙනසක පෙරනිමිත්තක්දැයි ජනතාව කුතුහලයෙන් බලා සිටියි.

ඔහු නිකුත්කළ ෆේස්බුක් පණිවුඩය පහතින්
අද දින සිට ඒකාබද්ද විපක්ෂයේ කටයුතු වලින් මදක් ඉවත් වීමට තීරණය කරන ලදී. මෙය කුමන විදියකින් හෝ රජයට එකතුවීමක් හෝ ජාතික ආණ්ඩුව නියෝජනය කරන මෛත්‍රී පිල සමග එකතුවීමක් හෝ ආණ්ඩුව කරන කිසිම පාර්ශවයක් සමග එකතු වීමක් නොවන අතර මා දරන ස්ථාවරය වඩාත් නිවැරදිව කිරීමට කරන කාර්යයක් පමණි. ඉදිරියටත් මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් කල හැකි දේ උපරිම ලෙස කිරිමටත් මට ලබා දුන් මනාපයේ ගෞරවය ආරක්ෂා කිරීමටත් කටයුතු කරමි.
කංචන විජේසේකෙර

[rns_reactions]