සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති.
මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කළේය.
නමුත් වෛද්‍ය සංගමයේ ලොක්කා වන අනුරැද්ධ පාදෙනිය නම් වූ මේ ජනතා සේවකයා නැතහොත් රාජ්‍ය සේවකයා අසරණ මිනිසුන් රස්තියාදු කරමින් වෛද්‍ය වරැන් ගොනාට අන්දමින් අද සවස නවලොක රෝහලේ සේවය පැමිණෙන බව දක්වා ඇත.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් බෙහෙත් ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (5) දිනයේ වේලාවක් වෙන් කරගෙන තිබෙනවා.
ඒ පුද්ගලික රෝහලකදී.
ඒ සම්බන්ධ කරුණු ඇතුළත් රිසිට් පත පහතින් දැක්වෙනවා.


