"දොස්තරලට තෙල් ගසන්නේ නැත." ව්‍යාජ ප්‍රවෘත්තියේ ඇත්ත මෙන්න…

Spread the love

සයිටම් ගැටලුව සම්බන්දයෙන් වෛද්‍යවරු අද(05) වැඩ වර්ජනයක නිරතවිය. මේ අතර එම වැඩ වර්ජනය නිසා වෛද්‍යවරුන්ට ඉන්දනහල් වලින් ඉන්දන ලබා නොදෙන බවට වීඩියෝවක් සමාජජාල හා වෙබ්අඩවි තුල හුවමාරු විය. එපමණක් නොව සමහර රුපවාහිනී නාලිකා පවා මෙම වීඩියෝව විකාශය කර තිබුණි.

එම වීඩියෝවයි මේ

මෙම වීඩියෝව ව්‍යාජ පුවතක් නිර්මාණය කිරීම සඳහා වීඩියෝ දෙකක් එකට බද්ද කිරීමෙන් සකසන ව්‍යාජ  වීඩියෝවක් බව සිහි ඇතිව බලන ඕනෑම පුද්ගලයෙකුට වැටහේ. 

 

පළමු වීඩියෝව,…..  පසු වෛද්‍යවරයෙකුගේ ලාංජනයක් සහිතව කුඩා කාර් එකක ඉන්දනාහල වෙත පැමිණීමත් සමග ඉන්දන නිකුත් කරන සේවකයෙකුට කිසිම සමානකමක් නොමැති ඇදුමකින් සැරසුනු පුද්ගලයෙකු ඉන්දන නිකුත් නොකරන බවට අතින් සංඥා කරයි. ඉන්දන ලබා නොදීම සම්බන්දයෙන්  කිසිම සංවාදයක් ද නොවේ.. මෙම වීඩියෝව පසුගිය සතිය තුල සිදුවූ  කනිජ සේවක වෘත්තීය වැඩවර්ජනය නිසා ඉන්දනහල්  ඉන්දන නිකුත් නොකරන අවස්ථාවේදී  ගන්නා ලද වීඩියෝවකි.

දෙවන වීඩියෝව….. “ස්ට්‍රයික් කරන දොස්තරලට තෙල් ගසන්නේ නැත” යනුවෙන් කාඩ්බෝඩ් කැබැල්ලක ලියා කණුවක ගැටගසා ඇත.  එම කාඩ්බෝඩ් කැබැල්ල එල්ලා ඇත්තේද ඩිසල් ඉන්දන පොම්පය අසලය. නමුත් පළමු වීඩියෝවේ  කුඩා කාර් එක පැමිණෙන්නේ  පෙට්‍රල් ඉන්දන පොම්පය වෙතයි.

වීඩියෝ දෙකක් එකට එකතු කිරීමෙන් සාදන ලද මෙම ව්‍යාජ වීඩියෝව, වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය සම්බන්දයෙන් අසත්‍ය පුවතක් නිර්මාණය කිරීමට උත්සහගත් අසාර්ථක වෑයමකි.

[rns_reactions]