LPL T20 ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

LPL T20 ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට
Spread the love

My11circle පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද (16) පැවති අවසන් තරඟයෙන්  තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලැබීය. ඒ අනුව, මංගල LPL තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20  දී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 46ක් රැස් කළ අතර ඔහු පන්දු 35කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 3ක් සහ 6 පහර එකක්  ඇතුළත් විය.  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු 14කදී ලකුණු 39ක් රැස් කළේය.

ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 135කි.