මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් කොළඹ නගර සීමාව තුළ ඉදිකෙරෙන තොරණ අතරින් විශාලතම තොරණ මරණීය දණ්ඩනය ලත් සිරකරුවන්ගේ නිර්මාණශීලීත්වයෙන් යුතුව වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා පවසයි.
විදුලි බුබුළු පහළොස් දහසක් දැල්වෙන අඩි හැත්තෑ එකක උසින් යුතු මෙම තොරණ මෙම 10 දින සිට 15 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර රණමයුර ජාතක කතාව මෙම තොරණ මඟින් විදහා දැක්වෙයි.
මෙම තොරණේ කතා වස්තුවට අදාළ රූප සටහන් ඇඳීම හා විදුලිය සැපයීමේ කටයුතු සියල්ල මරණීය දණ්ඩනය ලත් සිරකරුවන් විසින් සිදුකර තිබීම මෙහි විශේෂත්වයකි. එහි සෙසු ඉදිකිරීම් කටයුතු සඳහා ජිවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන් ඇතුළු නිර්මාණශීලී හැකියාව තිබෙන සිරකරුවන් පිරිසක්ද සහාය ලබාදී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ උපදෙස් මත හා වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තොරණ ඉදිකෙරෙන අතර මෙම තොරණ ප්‍රදර්ශනය කෙරෙන කාලසීමාව තුළ සිරකරුවන් සම්බන්ධ කරගෙන බත් දන්සලක්, සිසිල්බීම දන්සලක් හා දර්ශනීය කූඩු ඇතුළත් කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි වෙසක් කලාපයක් පැවැත්වීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
[rns_reactions]

