ආණ්ඩුව කුරුවල් නොකර ඉවත් වන ලෙස ‘නිමල් ලන්සා’ විමල් වීරවංශට කියයි

ආණ්ඩුව කුරුවල් නොකර ඉවත් වන ලෙස ‘නිමල් ලන්සා’ විමල් වීරවංශට කියයි
Spread the love

විමල් වීරවංශ ඇමතිවරයා තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කුරුවල් නොකර ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.

රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) මීගමුවේ පැවති රැස්වීමකදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා “ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පොදුජන පෙරමුණේ තනතුරක් ඕනෙ නම් ඒක සහෝදරවරුන් දෙන්නා බලාගනී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදද්දී ඔය ඉන්න පක්ෂ නායකයො අපේ පක්ෂය හදන්න විරුද්ධ වුණා. ඒ හින්දා ඒගොල්ලන්ට කිසිම අයිතියක් නෑ අපේ පක්ෂය ගැන කතා කරන්න. මිනිස්සු ඉන්නවා නම්, මිනිස්සු තමන් කියන දේ අහයි කියලා හිතනවා නම් යන්න පුළුවන් අපේ පක්ෂයෙන් අයින් වෙලා. මෙතන ඉඳගෙන කුරුවල් කරන්නෙ නැතුව. පවුලක් වුණත් නෝනයි මහත්තයායි හැමදාම ප්‍රශ්න කතා කරකර විසඳගන්න බැරි නම් ගහගෙන ගහගෙන ඉන්නවද ? නෑ, ඩිවෝස් වෙලා යනවා.”.