රට තුළ කොරෝනා ආසාදිතයින් අඩුවට පේන්නේ PCR නොකිරීම නිසයි

රට තුළ කොරෝනා ආසාදිතයින් අඩුවට පේන්නේ PCR නොකිරීම නිසයි
Spread the love

එන්නත් කරණය සිදුවන්නේ විද්‍යත්මක අනුපිළිවෙල නොසලකා හැරලා. හැදුණුම්කම්, බලය හෝ මුදල් යොදමින් නියමිත පටිපාටියෙන් තොරව එන්නත් විද ගනු ලබන අයට නිසි සෞඛ්‍ය සුපරීක්ෂාව නොලැබෙන බැවින්, ඔවුන් අවධානමකට ලක් විය හැකියි.

රට තුළ හමුවන රෝගීන් ප්‍රමාණය අඩුවීමට හේතුව PCR පරීක්ෂණ පිළිබඳව අවධානය අත්හැර දැමීම බවත් එන්නත්කරණය නිසා රෝගය මර්දනය වෙමින් පවතින බවට ව්‍යාජ මතවාදයක් ඇති කිරීමට එය හේතුවක් වුවද, මේ මොහොතට අදාලව ශ්‍රි ලංකාව තුල එන්නත නිසා රෝගීන් අඩු වීමට කිසිදු කිසිදු විද්‍යාත්මක හැකියාවක් නැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කුමුදේශ් මහතා මේ බව හෙළි කළේය.

මෙහිදී වැඩි දුරටත කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා, ‘‘රට තුළ හමුවන රෝගීන් ප්‍රමාණය අඩුවීමට හේතුව PCR පරීක්ෂණ පිළිබඳව අවධානය අත්හැර දැමීමයි. එන්නත්කරණය නිසා රෝගය මර්දනය වෙමින් පවතින බවට ව්‍යාජ මතවාදයක් ඇති කිරීමට එය හේතුවක් වුවද, මේ මොහොතට අදාලව ශ්‍රි ලංකාව තුල එන්නත නිසා රෝගීන් අඩු වීමට කිසිදු කිසිදු විද්‍යාත්මක හැකියාවක් නැහැ.  

️එන්නත් කරණය සිදුවන්නේ විද්‍යත්මක අනුපිළිවෙල නොසලකා හැරලා. හැදුණුම්කම්, බලය හෝ මුදල් යොදමින් නියමිත පටිපාටියෙන් තොරව එන්නත් විද ගනු ලබන අයට නිසි සෞඛ්‍ය සුපරීක්ෂාව නොලැබෙන බැවින්, ඔවුන් අවධානමකට ලක් විය හැකියි.

ඉන්දියාව තුල   නව ප්‍රභේද විශාල සංඛ්‍යාවක් පැතිරෙමින් පවතී. වෙරළබඩ තීරයේ අහඹු පරීක්ෂණ සිදු කිරීම සැලසුම් සහගතව සිදු කළ යුතුයි. 

කොවිෂීල්ඩ්  එන්නතෙහි නව ප්‍රභේද වලට එරෙහි ක්‍රියාකාරිත්වය සැක කටයුතු බැවින්දකුණු අප්‍රිකාව, ප්‍රංශය වැනි රටවල් එම එන්නත භාවිතය අත හර දමලා. විවිධ ප්‍රභේද මෙන්ම දෙමුහුම් ප්‍රභේද වලට අදාළව වාහක වර්ගයේ කොවිෂීල්ඩ් වැනි එන්නත් වල ක්‍රියාකාරීත්වය ප්‍රශ්ණකාරීයි. එන්නතෙහි ක්‍රියාකාරිත්වය පිළිබදවත්, ප්‍රභේධ හදුනා ගැනීම පිළිබදවත් ජාතික මට්ටමේ පර්‍යේෂණ  නොකරීම හේතුවෙන්, ප්‍රභේද පිලිබඳවත් එන්නත් රට අදුරේ අතපත ගාමින් සිටි.

සෞඛ්‍ය කාර්ය සහායකයන් අනවශ්‍ය වර්ජනයකට ඇද දැමීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගත යුතුයි. සෞඛ්‍ය සේවාවට කිසිසේත්ම අදාල  නැති නිල නාම කිහිපයක් යොදමින්,  නිශචිත රාජකාරියක් හෝ පත්වීමේ බලධාරියෙකු නැති, අවම අධ්‍යාපන සුදුසුකමක් අදාල නොවන, කණ්ඩායම් ගණනාවක් සෞඛ්‍ය සේවාවේ විවිධ පුහුණු කිරීම් වලට බලහත්කාරයෙන් ඇතුළු සමස්ථ සෞඛ්‍ය සේවාවටම ගැටළුවක්. 

සෞඛ්‍ය පුහුණුවක් ලබා දී, ඔවුන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත නොකරන බව පැවසීම විහිළු සහගතයි.