ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර් තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර් ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මාර් තු මාසයේදීත් අප්‍රේල් මාසයේදීත් රාජ්‍ය ආයතන 08ක් කමිටුව හමුවට කැඳවා තිබේ.
මාර් තු 23 වන දින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගම කෝප් කමිටුව හමුවට කැදවා ඇති අතර මාර්තු 24 වන දින නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ කාර්ය සාධන වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මාර්තු 26 වන දින විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය යි.
අප්‍රේල් 06 වන දින භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කෝප් කමිටුවට කැඳවා ඇති අතර අප්‍රේල් 07 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවීමට නියමිතය. අප්‍රේල් 20 වැනිදා කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර් ශනය කරනු ඇත.
මෙයට අමතරව අප්‍රේල් 21 සහ 23 යන දින වලදී පිළිවෙලින් මහජන බැංකුව සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිතව තිබේ

