රුධිරය ලබාගෙන එච්.අයි.වී වෛරසය ව්‍යාප්ත කරන්න නිවසට පැමිණෙන පිරිසගේ සත්‍ය කතාව මෙන්න..

Spread the love

රාත‍්‍රී කාලයේ රුධිරය ලබා ගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එච්.අයි.වී වෛරසය ව්‍යාප්ත කරන බවට ඇතැම් සමාජ වෙබ් අඩවි මගින් පතුරවන අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරමිභ කර තිබේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කල ඉල්ලීමකට අනුවයි.

අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ බරවා රෝග මර්දන වැඩසටහන විසින්. 

බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සඳහා රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ඇතැම් ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක කෙරෙයි.

ඒ සදහා මහජන සෞඛ්‍ය කේෂ්ත‍්‍ර නිලධාරීන් විසින් රුධිර සාම්පල ලබා ගැණෙන්නේ රාත‍්‍රී කාලයේදීයි. 

නිවැසියන්ගේ ආරක්ෂාව සඳහා මෙම නිලධාරීන් සිය නිල ඇඳුමින් සැරසී හැදුනුම්පත ද පැළඳ සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. 

කිසියම් පිරිසක් මෙම සිද්ධිය පාදක කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවා හරින බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ. 

[rns_reactions]