රොබෝ ගොවියෝ වගාබිම් වෙත පැමිණෙති – ලංකාව කොතැනද ?

රොබෝ ගොවියෝ වගාබිම් වෙත පැමිණෙති – ලංකාව කොතැනද ?
Spread the love

ශ්‍රී ලංකාවේ තේ වගා කටයුතු සදහා ඩ්‍රෝන යානා යොදා ගෙන කළ අත්හදා බැලීමක් ගැන පසුගිය දා මාධ්‍ය වාර්තා කළා. ඒ අතර දකුණු පළාතෙන් ද ඩ්‍රෝන යානා යොදා ගෙන දියර පොහොර ඉසීමක් ගැන ද වාර්තා වුණා.

ලංකාව කෘෂිකර්මාන්තයට ඩ්‍රෝන යානා තාක්ෂණය භාවිතා කිරීම ගැන අත්හදා බැලීම් කරන විට ඝානාව වැනි අප්‍රිකානු රාජ්‍ය කජු වැනි දැවැන්ත වගාවන් සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සිටිනවා. ඒ අතර කෘෂිකාර්මික කටයුතු සදහා ගවයින් අවශ්‍ය බවට කරුණු දක්වමින් ගව ඝාතනය නතර කිරීමට තැත් කරන විට ලෝකය පුරා කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය යොදා ගැනීම 13%ක් වැනි වේගයකින් වර්ධනය වෙනවා.

Loading...

මේ ලිපිය මගින් කෘෂිකර්මාන්තය සදහා නවීන තාක්ෂණය යොදා ගැනීම ගැන සරල සහ පැහැදිලි තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ ගැන ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහ ඔවුන්ට උපදෙස් දෙන පර්යේෂකයින්ගේ ද අවධානය යොමු විය යුතුයි.

මොකද ලංකාව තවමත් පරාක්‍රමබාහු – සේනානායක යුගයේ සිටියත් ගෝලීය කෘෂිකර්මාන්තය දැන් අපට වඩා සියවස් ගණනාවක් ඉදිරියට ගිහින් අවසන්.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ගොවිබිම් වල සශ්‍රීක තෘණ භූමියක නිදැල්ලේ තණ කමින් සිටින එළදෙනුන් රංජුවකි. බැලූ බැල්මට ඔවුන්ගේ වෙනසක් දැකිය නොහැකිය. එහෙත් වඩාත් ළංව බැලූ විට වෙනසක් දැකිය හැකිය. ඒ ඔවුන්ගේ කන්වල කිසියම් ඉලෙක්ට්‍රොනික් පෙත්තක් බදු දෙයක් එල්ලා ඇති බවය.

Cows fitted with smart tags from Ceres Tag

කතාවේ රහස එයයි !

මේ විද්‍යුත් උපකරණය නැතහොත්  smart “tag”එක දළ වශයෙන් ගිනිපෙට්ටියකට සමානය. එය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අතර චන්ද්‍රිකා සමග සම්බන්ධ වෙමින් නිරන්තරයෙන් ගොවියා වෙත තත්‍ය කාලීන දත්ත සම්ප්‍රේෂණය කරයි.

“මේ ජීපීඑස් උපකරණය සත්වයා සිටින්නේ කොහේද යන්නත්, සත්වයා සිටින්නේ කුමන තත්වයකද යන්නත් එය අපට කියනවා” යැයි මෙම තාක්ෂණය හදුන්වා දුන් බ්‍රිස්බේන්හි පිහිටි සෙරෙස් ටැග් Ceres Tag හි ප්‍රධාන විධායක ඩේවිඩ් ස්මිත් පැහැදිලි කරයි.

“ගවයින් තණබිම් මත ආහාර අනුභව කිරීම ඇතුළු ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා අපට ඉතා නවීන විද්‍යුත් උපකරණ තිබෙනවා. . එබැවින් සත්වයාගේ ආහාර කාර්යක්ෂමතාව කෙබදුදැයි අපි දන්නවා. එතැන් සිට අපට ජානමය තේරීම් කිහිපයක් ආරම්භ කළ හැකියි”

ගවයින් ආහාර ගැනීමේ සිට ඔවුන්ගේ සියලු දෛනික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා යෝග්‍යතා සාධක අධීක්ෂණය කරන මෙම ටැග් – නවීන තාක්‍ෂණයන් කෘෂිකර්මාන්තයට පිවිසෙන එක් ක්‍රමයක් පමණි.

මූකෝල් සංවේදකයක් සහිත එළදෙනක්
අයර්ලන්තයේ Moocall යනු ගවයින් සඳහා සංවේදක sensors  නිපදවන තවත් සමාගමකි

මිනිස් මැදිහත්වීමකින් තොරව ස්වාධීනව අස්වනු නෙළන රොබෝවරු, බීජ, පොහොර සහ කෘෂි රසායන ඉසීමට හැකි ඩ්‍රෝන යානා, කෘත්‍රීම බුද්ධිය විසින් ලබා දෙන විකල්ප දත්ත වර්තමානය වන විට ලොව පුරා ගොවිබිම් වෙත පිවිස ඇති අතර එය කෘෂිකාර්මික ශ්‍රම හිගයට, කාර්යක්ෂමතාවට සහ තවත් බොහෝ ගැටලු සදහා සාර්ථක පිළිතුරකි.

සාමූහිකව ගත් කල, කෘෂිකර්මාන්තයේ තාක්‍ෂණය වැඩි කිරීම “නිරවද්‍ය ගොවිතැන – “precision farming” ලෙස හැඳින්වෙන අතර එය වේගයෙන් වර්ධනය වන කර්මාන්තයකි (booming industry).

එක් වාර්තාවක් යෝජනා කරන්නේ 2027 වන විට එහි ගෝලීය වටිනාකම ඩොලර් බිලියන 12.9ක් දක්වා ළගා වනු ඇති බව සාමාන්‍ය වාර්ෂික වර්ධනය 13%ක් වනු ඇති බවයි. (One report suggests that its global value will reach $12.9bn (£9.1bn) by 2027, with average annual growth of 13% between now and then)

“තාක්‍ෂණය කෘෂිකාර්මික ලෝකය වඩා හොඳ තත්වයකට පරිවර්තනය කරයි” යැයි අයර්ලන්ත සමාගමක් වන මූකාල් හි මෙහෙයුම් ප්‍රධානී ස්ටීවන් ෆැගන් පවසයි. ඔවුන් ගැබිනි එළදෙනෙකුගේ වලිගයට සම්බන්ධ කරන ස්මාර්ට් ජංගම දුරකතනයක් සම්බන්ධ සංවේදකයක් නිපදවන අතර සත්ව පැටවා බිහි කිරීමට පෙර එමගින් ගොවියාට කෙටි පණිවිඩයක් යවයි.

මෙමඟින් ගොවියාට වෙනත් කටයුතු වල ද නිරත වෙමින් තම දෙනුන් ගැන විමසිලිමත් වීමට අවස්ථාව උදාවන අතර එය කාලය ඉතිරි කිරීම පමණක් නොව ගොවියාගේ ඵලදායීතාවය ද වර්ධනය කරයි.

“ගොවිපලවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි ක්‍රම ගැන අපි වෙන කවරදාටත් වඩා ඉගෙන ගන්නවා. අනෙක් අතට සමස්ත ලාභදායිතාවය වැඩි දියුණු කරනවා” යනුවෙන් ෆැගන් මහතා පවසයි.

ගොවීන් තම පශු සම්පත් සමඟ ගොඩනඟා ගන්නා මානව සාධකය හෝ සබඳතා ඉවත් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නැත. එහෙත් අනෙක් අතට, තාක්‍ෂණික විසඳුමකින් ශ්‍රම කාලය, මානව දෝෂ සහ සාමාන්‍ය දුෂ්කරතා අවම කිරීමෙන් ජීවිතය පහසු කර ගත හැකි නම් ගොවීන් වාසි ලබා ගනී. එම විසඳුම කිසිදු සැකයකින් තොරව වාසිදායක වේ.

ගොවිතැනේ අනාගතයට වර්ධනය වන තාක්ෂණයෙන්  increased technology ඇති වන බලපෑම අධ්‍යයනය කිරීමට පෙරමුණ ගෙන සිටින අය අතර ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ස්වයං පාලන පද්ධති රසායනාගාරයේ (Distributed Autonomous Systems Laboratory (Daslab) අධ්‍යක්ෂ මහාචාර්ය ගිරිෂ් චෞද්රි ද වේ.

ඔහු පවසන්නේ බොහෝ දුරට ස්වයංක්‍රීය ගොවිපලවල් යථාර්ථයක් වෙමින් ඇති බවයි. දැනටමත්, බෝග වල සෞඛ්‍යය නිරීක්ෂණය කළ හැකි රොබෝවරු වැනි බොහෝ නැගී එන තාක්ෂණයන් ඩස්ලැබ්ගේ පර්යේෂණ ක්ෂේත්‍රවල භාවිතයට ගෙන තිබේ.

ඩස්ලැබ්ගේ පර්යේෂණ ක්ෂේත්‍රවල රොබෝවකි
ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ස්වයං පාලන පද්ධති රසායනාගාරය විසින් නිර්මිත රොබෝ ගොවීයෙක් බඩඉරිගු යායාක් නිරීක්ෂණය කරයි

“ගොවිපලකට විවිධ වර්ගයේ රොබෝවරු අවශ්‍ය වේවි ” මහාචාර්ය චෞද්රි පවසයි. 

“ඔවුන්ගෙන් සමහරක් ඉතා කුඩා වනු ඇති අතර අනෙක් ඒවා විශාල වනු ඇති. සමහර විට අස්වනු නෙලීමේ යන්ත්‍රය තරම් විශාල වනු ඇති. මෙම රොබෝ කණ්ඩායම සම්බන්ධීකරණය කරන ස්වයං පාලන පද්ධතියක් තිබේ. ඔවුන්ට අවශ්‍ය දේ පවසමින් විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා එමගින් හැකියාව ලැබේ ”

රොබෝවරුන්ට අමතරව මහාචාර්ය චෞද්රි පවසන්නේ ඩ්‍රෝන යානා වැඩි වැඩියෙන් භාවිතා කරන බවයි.

“ඩ්‍රෝන යානා විශාල ඉඩ ප්‍රමාණයක් ආවරණය කිරීමට ඇත්තෙන්ම හොඳයි” ඔහු පවසයි. “ඒවාට කොහේ හරි ගොස් යමක් ඉසීමට හෝ පින්තූරයක් ගැනීමට හැකියි”

කෘෂිකර්මාන්තයේ තාක්ෂණයේ යෝජකයින් ද සඳහන් කරන්නේ මෙම නවෝත්පාදනයන් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රයෝජනය සඳහා යොදා ගත හැකි බවයි.

ටෙක්නෝසර්ව් TechnoServe යනු බටහිර අප්‍රිකානු රටක් වන බෙනින් හි කජු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා දුරස්ථ සංවේදනය, ඩ්‍රෝන් සිතියම්කරණය, යන්ත්‍ර ඉගෙනීම සහ චන්ද්‍රිකා දත්ත භාවිතා කිරීමට කජු ගොවීන්ට සහාය ලාබ දෙන එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනයක් වන ලාභ නොලබන සංවිධානයකි.

ටෙක්නෝසර්ව් විසින් සපයන ලද ඩ්‍රෝන යානයක් සමඟ බෙනින්හි කජු ගොවියෙක්
බෙනින්හි කජු ගොවීන් තම බෝගය ගැන විමසිල්ලෙන් සිටීමට ඩ්‍රෝන යානා භාවිතා කරයි

බෙනින් හි අපනයන ඉපැයීම්වලින් 8% ක් කජු වලින් සමන්විත වන අතර, ටෙක්නෝසර්ව් ගොවීන්ට ඔවුන්ගේ ගස් සිටුවිය හැකි හොඳම ස්ථානය දැන ගැනීමටත්, ඔවුන්ගේ අස්වැන්නෙහි ප්‍රමාණය හා ගුණාත්මකභාවය වැඩි කිරීමටත් උපකාර කරයි. මෙම ව්‍යාපෘතිය බටහිර අප්‍රිකාව පුරා සහ මොසැම්බික්හි ප්‍රතිනිර්මාණය කිරීමට දැනටමත් සැලසුම් කර ඇත.

ටෙක්නෝසර්ව් අධ්‍යක්ෂ ඩේව් හේල් පවසන්නේ “ඉහළ මට්ටමේ නිරවද්‍යතාවයකින් යුත් කජු ගොවිපලවල් සඳහා භූමිය එමගින් හඳුනාගත හැකි” බවයි.

වැඩිදියුණු කළ කෘෂිකාර්මික භාවිතයන් සමඟ ගොවීන් ඔවුන්ගේ ඵලදායිතාව සහ ආදායම වැඩි කරයි.

ගෝලීය වශයෙන්, කොරෝනා වයිරස් වසංගතය සහ විවිධ අගුලු දැමීමේ ස්ථානවල ඇති හිස් සුපිරි වෙළඳසැල් රාක්ක, ආහාර හිඟය පිළිබඳ අවදානම වැඩි කර ඇත. සමහර තාක්ෂණික සමාගම් මෙම භීතීන් සමනය කිරීම සඳහා තාක්ෂණය වෙත යොමුවෙයි.

“අපගේ ආහාර සැපයුම කෙතරම් අවදානමට ලක්විය හැකිද යන්න කොවිඩ් වසංගතය විසින් හෙළි කළා. අපගේ සැපයුම් පද්ධතිය කෙතරම් බිඳෙනසුලුද යන්න එයින් හෙළි වුණා” යනුවෙන් Plenty නම් එක්සත් ජනපද සමාගමක සම-නිර්මාතෘ සහ ප්‍රධාන විද්‍යා නිලධාරි ආචාර්ය නේට් ස්ටෝරි පවසයි.

ඔහුගේ සමාගම AI සහ මෘදුකාංග උපයෝගී කරගනිමින් උස බිත්ති මත එළවළු භෝග බහුලව වගා කළ හැකි ගෘහස්ථ “සිරස් ගොවිපලවල් – indoor “vertical farms” නිර්මාණය කරයි.

පවතින කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය අඩු වන විට සාම්ප්‍රදායික ගොවිතැනට ඇති පීඩනය සමනය කිරීමට ප්ලෙන්ටි අරමුණු කර ඇත.

ලෝක ජනගහනය වේගයෙන් ඉහළ යාම සමග ආහාර සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතී. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ලෝක ජනගහනය දැනට බිලියන 7.7 සිට 2050 දී බිලියන 9.7 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ .

ප්ලෙන්ටි පහසුකමක මිනිසෙක්
උස බිත්ති මත එළවළු වගා කිරීම

“අවසානයේදී, කෘෂිකර්මාන්තය අසීමිත ලෙස තිරසාර වීමට අවශ්‍ය වනු ඇත,” මූකාල්ගේ ෆැගන් මහතා පවසයි. 

“මම හිතන්නේ මිනිසුන් පෘථිවියේ ජීවත් වන තාක් කල් මානව පැවැත්මේ මූලික ආහාර වීම බැහැර නොවනු ඇති බවයි. එහිදී ආහාර සැපයුමේ මූලික වගකීම ගොවිතැන විසින් දරනු ඇති නමුත් අනාගත අභියෝගයන්ට සහ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට ගොවිපලවල් ශක්‍ය විය යුතුයි.”

දිගු කාලීනව, වැඩිදියුණු කළ ගොවිතැන් ක්‍රමවල හදිසිභාවය සහ කෘෂිකාර්මික ශ්‍රම හිගය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා නවීන තාක්‍ෂණය වෙත හැරීම තවත් වැදගත් ආර්ථික ප්‍රතිලාභයක් විය හැකිය.

“මම හිතන්නේ අනාගත කෘෂිකර්මාන්තයට නව ජනකායක් පැමිණෙනු ඇති බවයි” ආචාර්ය ස්ටෝරි පවසයි. 

“කෘෂිකර්මාන්තය යල්පැන ගිය බවක් පෙනුන ද එය එසේ වී නැත. යාන්ත්‍රීකරණය, නවීන තාක්ෂණය සහ රොබෝකරණය සමග එයට තරුණයින් වැඩි වැඩියෙන් ආකර්ෂණය විය හැකියි. ගොවිබිම කර්මාන්ත ශාලාවක් හෝ කාර්යාලයක් ලෙස දැනීම ඔවුන්ට ආස්වාදයක් මෙන්ම ආකර්ෂණයක් ද වනු ඇති ‘‘

“ආහාර නිෂ්පාදනය කිරීම ඔබට මේ ලෝකයට කළ හැකි වඩාත්ම අවංක දෙයයි. සංකීර්ණ ලෝකයක එය සංකීර්ණ නොවන ක්‍රියාවකි‘ ආචාර්ය ස්ටෝරි පවසයි. 

“තාක්‍ෂණය සමඟ එය කිරීමට මිනිසුන් බල ගැන්වීම මගින් පාරිභෝගිකයින්ගේ ජීවන තත්ත්වය සහ නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය යන දෙකටම සැබවින්ම අර්ථවත් කිරීමට උපකාරී වනු ඇති”

පරිවර්තක සටහන – ලංකාව තවමත් කෘෂිකර්මාන්තය ‘ගොවිතැන්බත්‘ කිරීමක් ලෙස දකින අතර මීහරක් සමග වගා කටයුතු කළ හැකි කුඹුරු ගැන කතා කරති. ඒ අතර සියවස් ගණනක පැරණි යල්පැන ගිය වගාක්‍රම සහ අස්වනු කල්තබා ගැනීම ගැන කාලය නාස්තිකරමින් සිටිති. මේ ලිපිය එවැනි ප්‍රාථමික ආකල්ප සහ ඌණ දැනුමින් යුතු පාර්ශ්වයන්ගේ ඇස් ඇරීමට උපකාරයක් වේවා.

බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Loading...