දිගින් දිගටම ලෝක වෙලදපොලේ ඉහලයන ගෑස් මිලට සාපේක්ෂව රජය විසින් මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම නිසා රජයට සම්බන්ද ගෑස් සමාගම සහ පුද්ගලික ගෑස් සමාගම විශාල මුල්‍යම කඩාවැටීමකට ලක්ව ඇති අතර ඒ හරහා මෙරට දෛනික පරිභෝජනයට අවශ්‍ය ගෑස් සපයාගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇත.
ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ලෝක වෙළද පොළ ගෑස් මිල මේ මස මුල වාර්තා වූ අතර එය මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 604කි. ඒ නිසා ගෑස් සමාගම් දෙකම තමන් අලෙවි කරන සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 750කට අධික අලාබයක් ලබන අතරම ඒ හේතුව නිසා මෙම සමාගම් දෙක මසකට රුපියල් බිලියන 1.6ක පමණ දැවැන්ත අලාබයක් ලබයි.
මේ හේතුවෙන් ගෑස් සමාගම් සඳහා ගෑස් ආනයන කිරීමට අවශ්‍ය මුදල් වත් සපයා ගත නොහැකි වීම නිසා රටේ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග මෙරටට ආනයනය කිරීමේ නොහැකියාවකට ගෑස් සමාගම් දෙකම පත්ව ඇත.
රජය සහ ඊට සම්බන්ද ආයතන මේ සඳහා අවදානය යොමු නොකළහොත් මෙරට ගෘහස්ත පරිභෝජනය සඳහා අවශ්‍ය ගෑස් මෙන්ම, වාණිජ සහ කර්මාන්ත අවශ්‍යතා සදහා අවශ්‍ය ගෑස් සැපයුම අදාල වීමේ දැඩි අවදානමකට මෙරට පර්භෝගිකයා ලක්වනු ඇත.