නිරෝගී – සුන්දර කෙස් කළඹක සුපිරි රහස්

නිරෝගී – සුන්දර කෙස් කළඹක සුපිරි රහස්
Spread the love

හිසකෙස් කියන්නෙ ඔබේ පෞරුෂය ගොඩනගන ප්‍රධාන අංගයක්. ඉතිං මේ හිසකෙස් ගැලවී යාම වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. එය මානසිකව ඹබට බොහෝ බලපෑම් කරනවා.

නිරෝගී පුද්ගලයෙකුගේ දිනකට කෙස්ගස් 80 ත් 100 ත් අතර ගැලවී යාම සාමන්‍ය කරුණක් .මේ නිසා හිසකෙස් කීපයක් දිනකට ගැලවී යනවිට ඔබ කලබල විය යුතු නැහැ. නියමිත ප්‍රමාණයටත් වඩා ඔබේ හිසකෙස් ගැලවී යන බව ඔබට දැනෙනවා නම් රූපලාවන්‍ය උපදෙස් ලබ ගැනීම වැදගත්.

ඒ වගේම ඔබේ හිසකෙස් මසකට වැවෙන්නේ සෙන්ටිමීරයක් හෝ දෙකක් අතර ප්‍රමාණයක් බව විශේෂඥයන් දක්වනවා.ඒ නිසා ඔබේ හිසකෙස් වර්ධන වේගය අඩු බව සිතා කනස්සලු වීම කළ යුතු නැහැ.

කෙසේ නමුත් මේ විදියට අකලට හිසකෙස් ගැලවී යාමට හේතු රාශියක් බලපානවා. ඒ සදහා බලපාන හේතු වගේම නිවසේදීම ඔබට කල හැකි ප්‍රතිකාර කීපයකුත් අද අපි ඔබට ගෙන එනවා.

අපි පළමුවෙන්ම බලමු හිසකෙස් ගැලවී යාමට හේතු

  • පෝෂණ ඌණතා / විටමින් සහ ඛණිජ ලවණ වල හිගකම
  • ශරීරයේ පවතින ඇතැම් රෝගාබාධ තත්වයන්
  • අයහපත් ආහාර පුරුදු
  • මානසික අවපීඩනය
  • ඇතැම් ජානමය හේතු
  • දැනටමත් ඔබ භාවිතා කරන ඇතැම් ඹෟෂධ නිසා
  • හිසකෙස් අලංකරණයේදී භාවිතා කරන විවිධ රසායන ද්‍රව්‍ය
  • හිසකෙස් සත්කාර නිසි පරිදි නොකිරීම
  • හිසකෙස් අධික හිරු රශ්මියට නිරාවරණය වීම
  • දවසේ වැඩි වෙලාවක් වායු සමිකරණ වලට හිසකෙස් නිරාවරණය
  • නිතර නිතර හෙයා ස්ප්‍රේ භාවිතය
  • හිසකෙස් අලංකරණයට භාවිතා කරන ප්‍රමිතියකින් තොර නිෂ්පාදන නිසා
  • ප්‍රමිතියකින් තොර ෂැම්පු සහ හිසකෙස් සේදුම්කාරක නිසා

මෙවැනි වැරදි නිසා දැනටමත් පලුදු වූ ඔබේ හිසකෙස් සදහා ගෙදරදීම කර ගත හැකි සත්කාර කීපයක් පහතින් දැකිවෙනවා. ඔබේ කැමැත්ත පරිදි ඒ සත්කාර ඔබටත් නිවසේදීම අත්හදා බැලිය හැකියි.

  • සතියකට වරක් ඔලිව් තෙල් හෝ සුදු පොල්තෙල් වලට විටමින් E කරලක් එක් කොට උණුසුම් ජල බදුනක් මත තබා රත්කර එය හිස්කබල හා හිසකෙස් මත ආලේප කර හොදින් සම්බාහනය කර උණුසුම් තුවායකින් ඔබේ හිසකෙස් ඔතා තබන්න. විනාඩි 20 කින් 30 කින් පමණ ඇල් ජලයෙන් සෝදා ඉවත් කරන්න
  • බී ලූණු ගෙඩියක්  සිහින්ව කපා බ්ලෙන්ඩ් කර රෙදි කඩකින් පෙරා යුෂ වෙන් කර ගන්න. එම යුෂවලට ඔලිව් ඔයිල් එකතු කරන්න.හිස්කබල මත ආලේප කර හොදින් සම්බාහනය කරන්න. විනාඩි 20 කින් සෝදා ඉවත්කරන්න
  • පිරිසිදු සුදු පොල්තෙල් කෝප්ප එකකට කරපිංචා ඉති හත අටක කොල සෝදා වේලා ගෙන පොල්තෙල් සමග රත්කර හිස්කබලේ සහ හිසකෙස්මත ආලේප කර සම්බාහනය කරන්න.පැයකට පසු ඇල් ජලයෙන් සෝදා හරින්න

මීට අමතරව විශේෂයෙන්ම සැලකිය යුතු කරුණු කිපයක් පිළිබද ඔබේ අවධානය යොමු කල යුතු යි.

  • හිසකෙස් සදහා භාවිතා කරන නිෂ්පාදන ඉතා ගුණාත්මක හා ප්‍රතිඵලදායී ඒවා විය යුතු යි.හිසකෙස් අලංකරණ නිෂ්පපාදන වගේම හිසකෙස් පිරිසිදු කරන නිෂ්පාදන වුවත් ලොව පිළිගත් වෙළදනාම යටතේ එන උදාහරණ වශයෙන් LOREAL , WELLA , TRESEMME වශයෙන් රාශියක් තිබුණද ඒවා ඔබේ හිසකෙස් සදහා සුදුසුද යන්න නිවැරදිව අවබෝධ කරගෙන භාවිතා කිරීම වැදගත්. ඒ පිළිබද ඔබේ රූපලාවන්‍ය ශල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්.
  • ඔබේ කෙස් වර්ගයට ගැලපෙන ෂැම්පු කන්ඩිෂනර් තෝරා ගන්න.උදාහරණ වශයෙන් ඔබට තියෙන්නේ ස්ට්‍රේටින් කොණ්ඩයක් නම් ඒ සදහාම විශේෂිත ෂැම්පු සහ කන්ඩිෂනර් ඔබ විසින් තෝරාගත යුතුයි.
  • කිසිම විටක අනුකරණ වලට (fake නිෂ්පාදන) රැවටෙන්න එපා. ඔබට අවශ්‍ය ප්‍රතිඵල එවැනි නිෂ්පාදන වලින් ලබා ගන්න නොහැකියි.
  • නිතර හිසකෙස් සේදීම අවශ්‍ය වුනත් ඒ සදහා සෝදන හැම වාරයකම ෂැම්පු භාවිතා කිරීම කරන්න එපා. එමගින් ඔබේ හිස්කෙස් වගේම හිස්කබලත් වියලි ස්වභාවයක් ගන්නවා.හිස පිරිසිදු කරන හැමවිටම හිස්කබලේ අගල් 2ක් පමණ පහල සිට කන්ඩිෂනර් ගල්වන්න පුලුවන්.
  • මසකට වරක්වත් රූපලාවන්‍යාගාරයකට ගොස් තෙල් සත්කාරයක් හෝ hair treatment, protein treatment හිසකෙස් සදහාම ලොව පිළිගත් වෙළද නාමයන්ගෙන් නිෂ්පාදිත නිෂ්පාදන වලින් ඹබට ගැලපෙන සත්කාරයක් නිවසට වඩා හොදින් ඵලදායීව කරගනීමේ හැකියාව ලැබෙනවා. සම්බාහනය කිරීම සහ steam කිරීම මගින් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගත හැකියි. 

සටහන – මධුභාෂිණී උරේෂා

රූපලාවණ්‍ය උපදෙස් –  ප්‍රවීණ රූපලාවණ්‍යශිල්පිනී අනූදා දහනායක – Salon AKROO – Malabe