දෛනිකව 20,000ක් කළ PCR පරීක්ෂණ 5000ට අඩුකරලා PHI සංගමය

දෛනිකව 20,000ක් කළ PCR පරීක්ෂණ 5000ට අඩුකරලා PHI සංගමය
Spread the love

පසුගිය කාලයේදී දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 20,000ක් පමණ සිදුකළ නමුත් මේ වන විට සිදුවන්නේ පී.සී.ආර් පරික්ෂණ 5000කට ආසන්න ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු පවසන්නේ පසුගිය කාලයේ රට තුළ PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ බවත් ඉන් කොවිඩ් ආසාදිතයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

‘‘ මේ ආකාරයෙන් PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇත්තේ පළමු පෙළ ආශ්‍රීතයන් අවමවීම නිසා බවයි බලධාරීන් කියන්නේ. නමුත් රටේ පවතින තත්වය නිසි ලෙස අවබෝධ කර ගැනීම සඳහා අහඹු PCR පරික්ෂණ වැඩි වැඩියෙන් කළ යුතු බවයි අපේ ස්ථාවරය වෙන්නේ‘ රෝහණ මහතා වැඩි දුරටත් පැවසුවේය.