දීර්ග කාලයක් ගම්මු බියගැන්වූ තඩි පිබුරා කොටු වෙයි.(video)

Spread the love

මොරගහකන්ද ප්‍රදේශයේ කොන්ගාවෙල ග්‍රාමයේ ප්‍රදේශවාසීන් බියටපත්කල අඩි 16 ක් පමණ දිග විශාල පිඹුරෙකු ඇලහැර අඩවිය වනජීවී කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව අල්ලා ගෙන තිබෙනවා.

මෙම පිඹුරා අල්ලා ගන්නා අවස්ථාවේ නරියෙකු ගොදුරක් කරගෙන සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ පිඹුරා වසර කිහිපයක සිට ප්‍රදේශයේ සැරිසරමින් කුකුලන්, එළුවන් වැනි සතුන් ගොදුරු කරගනිමින් ප්‍රදේශවාසීන්ද බිය වද්දමින් සිටි බවයි ඔවුන් පවසන්නේ.

ඇලහැර අඩවිය කාර්යාලයේ කේ. රංජිත් මහතා ඇතුළු කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවා.

පිඹුරා අල්ලා ගන්නා අවස්ථාවේ ගොදුරක් වී සිටි නරියා මිය ගොස් සිටි අතර වනජීවී නිලධාරීන් විසින් පිඹුරා ඇලහැර රක්ෂිතයට මුදා හැරියා.

[rns_reactions]