විදේශයන්හි පැමිණෙන පිරිස් අතර Covid-19 ආසාදිතයින්ගේ වර්ධනයක්

විදේශයන්හි පැමිණෙන පිරිස් අතර Covid-19 ආසාදිතයින්ගේ වර්ධනයක්
Spread the love

විදේශයන්හි සිට පැමිණෙන  පිරිස් අතර කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන බවත් එසේ පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා අද (18) මාධ්‍ය වෙත පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා කියා සිටියේ විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද සිදුවිය හැකි බවයි. එසේම ලෝකයේ වෙනත් රටවල කොවිඩ් තුන්වැනි හා හතරවැනි රැලි මතුවී ඇති තත්ත්වයක ශ්‍රී ලංකාවට දැඩි  පරිස්සම් විය යුතු බව ද සමරවීර මහතා පැවසුවේය.