කොවිඩ්-19 ආරක්ෂා වීමට ‘ගර්භණී මවුවරුන්ට‘ විශේෂ උපදෙස් මාලාවක්

කොවිඩ්-19 ආරක්ෂා වීමට ‘ගර්භණී මවුවරුන්ට‘ විශේෂ උපදෙස් මාලාවක්
Spread the love

මේ වන විට රෝහල් කිහිපයකින්ම කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 70 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ගැබිනි මව්වරුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ සිල්වා මහත්මිය මෙසේ ද පැවසුවාය. ‘‘විශේෂයෙන් ම මේ වන විට පවතින කොවිඩ් වෛරසය දරුවන් ට හා ගැබිනි මව්වරුන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගැබිනි මව්වරු විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම ඔවුන් මුව ආවරණයක් භාවිතා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. නිතරම සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතුයි. ඒ වගේම ගමන් බිමන් සීමාකර කණ්ඩායම් එක්රැස් වන ස්ථානවලට යාමෙන් වැළකී සිටිය යුතුයි‘

මෙහිදී ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කියා සිටියේ ගැබනි මවුවරු කෘත්‍රීම ආහාර ගැනීමෙන් වැළකී නිවසේදී පිළියෙළ කරන ආහාර ගැනීම වඩාත් වැදගත් බවයි.