AL නියමිත සුදුසුකම් නැති නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බෑ – GMOA

AL නියමිත සුදුසුකම් නැති නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බෑ – GMOA
Spread the love

උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය  උපාධිය ලබා ගත්ත ද මෙරට වෛද්‍ය සභාවේ  ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට නම් අවම වශයෙන් උසස් පෙළ විද්‍යා විෂයධාරාවෙන් සම්මාන සාමාර්ථ (c) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (s) තිබිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ.