එන්නත්කරණය අයාලේ යාම ගැන ‘චන්න ජයසුමනට’ විවාදකට විවෘත අභියෝගයක්

එන්නත්කරණය අයාලේ යාම ගැන ‘චන්න ජයසුමනට’ විවාදකට විවෘත අභියෝගයක්
Spread the love

ඊයේ දිනයේදී (06) බන්ධනාගාරය තුළදී විවිධ බාහිර පාර්ශ්වයන්ට විශාල වශයෙන් එන්නත් හොර පාරෙන් ලබාදී ඇතැයි තම සංගමයට වාර්තා වූ බව ද ඒ පිළිබඳව විධිමත් විමර්ෂණයක් කර, නිවැරදි කරුණු රටට හෙළිදරව් කරමින් එන්නත්කරණය  අයාලේ යාම නවතන ලෙස සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ලේකම් වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

අද (07) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ එන්නත්කරණය අයාලේ යාම පිළිදව තමා ඇමති චන්න ජයසුමන සමග විවාදයකට වුව ද සූදානම් බවයි.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා, ‘‘චන්න ජයසුමන කියන්නේ මිත්‍යා දෘෂ්ඨික විශ්වාසයන්ගේ එල්බ ඇති ඇමතිවරයෙක්. විද්‍යාව මත පදනම්ව වැඩ කරන අපට ඔහු සමග ඇත්තේ එම ගැටුමක් පමණයි. තමන්ට දේශපාලනිකව  හිතෛෂී  කණ්ඩායමක් සමඟ පමණක් සාකච්ඡා කීරීම මගින් වසංගතය දේශපාලනීකරණය කර ඇත්තේ ඔහු මිස අප නොවෙයි. PCR ප්‍රතික්‍රීයක සංචිත; ඉදිරි අවශ්‍යතාවයට පුරෝකථනය නොකරමින්, සංචිත ගබඩා කිරීම ව්‍යාපාරික මගඩියක්. ඕනේ මොනවද කියලා අපි කාගෙන්වත් අහන්නේ නැතුව, ගබඩා කරන්න හදන්නේ මොනවාද?‘