ඉන්දියාව නොමිලේ දුන් ‘අස්ට්‍රාසෙනිකා’ දැන් කළුනික වගේ !

ඉන්දියාව නොමිලේ දුන් ‘අස්ට්‍රාසෙනිකා’ දැන් කළුනික වගේ !
Spread the love

ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. මෙහිදී වීරතුංග මහතා කියා සිටියේ එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැති බවයි.

මේ පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලලිත් වීරතුංග මහතා, ‘අස්ට්‍රාසෙනිකා එන්නත හදන සිරම් ආයතනයට ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය නිසා එන්නත් සැපයිම කළ නොහැකි වෙලා තිබෙනවා. ඔවුන් හදන එන්නත් අද ඉන්දියාවට පවා ප්‍රමාණත් නැහැ. එම එන්නත් හැකිනම් ලබා දෙන්නැයි රජය සිරම් ආයතනයෙන් ඉල්ලීම් කර තිබෙනවා. එහෙත් ඔවුනට රජයේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බවයි පවසා තිබෙන්නේ. මේ එන්නත ලබා ගැනීම දුෂ්කර වෙලා තිබෙන්නේ අපිට පමණක් නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයටවත් එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වී තිබෙනවා.