කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසීරී තිබෙන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (19) දින ඉල්ලීමක් කළේය.
ඒ සඳහා වූ පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ලේ පරිත්‍යාග කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේ දන්දෙමින් ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පුණ්‍ය කර්මයට දායකවන්නැයි පරිත්‍යාගශීලී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලේ හිඟයක් ද ඇතිව තිබෙන බව පසුගියදා ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන ආරම්භ කළේය.
ඒ අනුව එම ලේ හිඟය කඩිනමින් පියවා ගැනීම අරමුණු කරගනිමින් තරුණ ප්‍රජාව සහ ඒ සඳහා හැකියාව ඇති පිරිස දිරිගැන්විමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගනිමින් සිටියි.
ලේ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
කොරෝනා වසංගතයක් සමඟ ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යග කිරීමේ සායන පැවැත්වීමට නොහැකි වුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ වෛද්‍යවරුන් ලේ හිඟයක් තිබෙන බව අප වෙත දැනුම් දුන්නා.
ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ නම් පැමිණ ලේ පරිත්‍යාග කිරීමයි. ඉදිරි සතියක කාලයේ රට පුරා පිහිටි ජාතික යොවුන් සේනාංකය මධ්‍යස්ථානවලට පැමිණ ඔබ ලබාදෙන එම ලේ පරිත්‍යාගයෙන් වටිනා ජීවිතයක් බේරාගැනීමේ පුණ්‍ය කර්මයට ඔබට දායක විය හැකියි.
ඒ සඳහා හැකියාව ඇති සියලුදෙනාට ම මම ආරාධනා කරනවා ළඟම තිබෙන මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ඔබට හැකි පිරිස ඒ සඳහා යොමු කර ඇතිව තිබෙන ලේ හිඟය කඩිනමින් පියවා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමට මැදිහත් වන ලෙසට.
රට තුළ සංචරණ සීමා පවතින හෙයින් වෙනදා මෙන් ග්‍රාමීය මට්ටමෙන් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි නිසා ලේ වල හිඟයක් අපේ රටේ ඇතිව තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.
කොරෝනා වසංගතය හේතුවෙන් පවතින සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවෙමින් මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වුවද ලේ පරිත්‍යාගය සඳහා එක්ව තමන්ට හැකි අයුරින් යුතුකම් ඉටු කරන ලෙසට සියලුදෙනාට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
මේ අනුව සංචරණ සීමා පවතින කාලය තුළ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය , ජාතික රුධිර මධ්‍යස්ථානය ,ප්‍රජා පොලිස් ඒකක, ග්‍රාමීය කමිටුව සහ ජාතික යොවුන් සේනාංකය එක්ව කටයුතු කරනු ඇත.
සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව මෙම සද්කාර්යය රට පුරා ක්‍රියාත්මක වේ.
ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන
ප්‍රධාන මධ්‍යස්ථානය – කොළඹ – ජාතික යොවුන් සේනාංක මූලස්ථානය
නො.20, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
ටෙලි. 0710 377 377 / 0112 688 885
මධ්‍යම පළාත | |
ස්ථානය | දුරකථන අංකය |
ගම්පොල | 081-2078177 |
නාඋල | 066-2246204 |
නුවරඑළිය | 052-3536332 |
හඟුරන්කෙත | 081-2365849 |
සෙංකඩගල | 081-2389134 |
යටිනුවර | 081-2410026 |
වලපනේ | 052-2050010 |
ඌව පළාත | |
ස්ථානය | දුරකථන අංකය |
බණෟඩාරවෙල | 057-2222214 |
මහියංගනය | 055-2257118 |
තණමල්විල | 047-3220529 |
මොණරාගල | 055-2055741 |
වැල්ලවාය | 070-5923971 |
සියඹලාණ්ඩුව | 071-3662328 |
නැගෙනහිර පළාත | |
ස්ථානය | දුරකථන අංකය |
කන්තලේ | 026-2244088 |
කච්චවේලි | 026-2228709 |
ගෝමරන්කඩවල | 026-4549428 |
අම්පාර | 063-2224810 |
සේරුවාවිල | 026-4549439 |
ත්‍රිකුණාමලය | 026-4549432 |
දෙහිඅත්තකණ්ඩිය | 027-2056723 |
වාලච්චෙව්න | 071-2518825 |
බස්නාහිර පළාත | |
ස්ථානය | දුරකථන අංකය |
කටුනායක | 011-2260020 |
අත්තනගල්ල | 033-2282232 |
දිවුලපිටිය | 033-2272875 |
බුලත්සිංහල | 034-2282322 |
යක්කල | 033-2233534 |
උතුරු මැද පළාත | |
ස්ථානය | දුරකථන අංකය |
කැකිරාව | 025-2263297 |
කලාවැව | 025-2269946 |
අනුරාධපුරය | 025-3852809 |
මැදිරිගිරිය | 071-8289004 |
ගලෙන්බිඳුනුවැව | 071-8289004 |
සබරගමුව පළාත | |
ස්ථානය | දුරකථන අංකය |
කෑගල්ල | 035-2223260 |
නිවිතිගල | 045-2279970 |
ගලිගමුව | 035-2282993 |
ඇඹිලිපිටිය | 047-2262399 |
බලන්ගොඩ | 071-6300364 |
දෙහිඕවිට | 071-8396013 |
දකුණු පළාත | |
ස්ථානය | දුරකථන අංකය |
සුරියවැව | 047-2288169 |
ගාල්ල | 091-2233182 |
අකුරැස්ස | 041-3131216 |
වීරකැටිය | 047-2257143 |
දික්වැල්ල | 041-2255055 |
නෙළුව | 091-3098911 |
අක්මීමන | 091-3121736 |
ලුණුගම්වෙහෙර | 070-4340716 |
වීරවිල | 070-4340714 |
වයඹ පළාත | |
ස්ථානය | දුරකථන අංකය |
කුලියාපිටිය | 037-3879228 |
වාරියපොළ | 037-2268375 |
මාවතගම | 037-2298668 |
පඩුවස්නුවර | 037-2291803 |
දොඩම්ගස්ලන්ද | 037-2252655 |
නාත්තණ්ඩිය | 032-2050815 |
වෙන්නප්පුව | 031-2277199 |
අලව්ව | 071-8457013 |
උතුරු පළාත | |
ස්ථානය | දුරකථන අංකය |
මන්නරාම | 023-2251917 |
වව්නියාව | 024-2054558 |