වසවිස නැති – ගුණත්වයෙන් ඉහළම ‘එළවළු සහ පලතුරු‘ ගොවිපොළේ සිට කෑම මේසයට ගෙන එන්නේ කෙසේද ?

වසවිස නැති – ගුණත්වයෙන් ඉහළම ‘එළවළු සහ පලතුරු‘ ගොවිපොළේ සිට කෑම මේසයට ගෙන එන්නේ කෙසේද ?

අද (07) දිනට යෙදෙන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය වෙනුවෙනි

ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව (food safety) පිළිබඳ ගැටළු වැඩිවෙමින් පවතී. පලතුරු සහ එළවළු සඳහා අපනයන විභවය ගැන අවධානය යොමු කරන විට, ජාත්‍යන්තර වෙළඳපළ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒම ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවරු කිරීම අවශ්‍ය වේ.

එළවළු සහ පලතුරු වගාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික කටයුත්තකි. දේශීය හා අපනයන වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු වගා කිරීමේ හැකියාව ඉහළ ය. මෙම අංශයේ සංවර්ධනය සහ දේශීය හා අපනයන වෙළඳපොළට සපයන පලතුරු හා එළවළු වල ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව වැඩි දියුණු කිරීම වැදගත් ය.

Loading...

එළවළු හා පලතුරු නිෂ්පාදනයේ දී ගොවිපොළෙහිදී  ද, අස්වනු නෙළීමෙන් පසු සුදුසු පරිදි වර්ග නොකිරීම, භාවිතයේ පවතින දුර්වලතාවයන්, නුසුදුසු ලෙස ගබඩා කිරීම හා ප්‍රවාහනය මෙන්ම යෝග්‍ය නොවන ලෙස පළිබෝධනාශක හා පොහොර භාවිතය සාම්ප්‍රදායික එළවළු සහ පලතුරු සැපයුම් දාමයන් හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීමට ඇති ප්‍රධාන බාධාවන් ලෙස සැලකේ. 

අස්වැන්න නෙලීමෙන් පසු සිදුවන  පසුඅස්වනු හානි (postharvest losses) හා අස්වැන්න නෙළන ලද පලතුරු හා එළවළු වල රසායනික අපද්‍රව්‍ය තිබීම හේතුවෙන් ගුණාත්මකභාවයට සිදුවන බලපෑම පිළිබඳ පුළුල් මහජන අවධානයක් යොමුව ඇති ප්‍රශ්නයක් වී තිබේ. මෑත භාගයේ දී ගොවීන්, එකතු කරන්නන් සහ වෙළෙඳුන් විසින් සැපයුම්දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බවට හානිවන පිළිවෙත් සිදු කිරීම බහුලව දක්නට ලැබේ.

අලෙවිකරණ ක්‍රියාවලියේදී අස්වැන්න ලබා ගත් අවස්ථාවේ සිට පරිභෝජනය දක්වා ඕනෑම අවස්ථාවක පසු අස්වනු හානි සිදුවිය හැකිය. ගොවීන් සහ ප්‍රවාහනය කරන්නන් විසින් සිදු කරන අක්‍රමිකතා හේතුවෙන් අස්වනු නෙළන ලද නිෂ්පාදනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පාරිභෝගිකයා වෙත ළඟා නොවේ. එළවළු හා පලතුරු ඇසිරීමේදී සුදුසු ඇසුරුම් භාවිතා නොකිරීම, එම ඇසුරුම් තුළ ප්‍රමාණය ඉක්මවා අස්වනු ඇසිරීම, ප්‍රවාහනය සඳහා නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම වැනි අක්‍රමිකතා හේතුවෙන් පසු අස්වනු හානිය හා ගුණාත්මකභාවය අඩු වීමට හේතු වී ඇත. කෙසේ නමුත් සුපිරි වෙළඳසැල් මඟින් සිදුවන එළවළු පලතුරු සැපයුම් දාමයන් හි පසු අස්වනු හානිය සියයට 2 සිට 6 දක්වා ද අපනයනය සඳහා වන සැපයුම් දාමයන්හි එය සියයට 5 සිට 10 දක්වා අතර අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අස්වනු නිසි පරිදි තේරීම, යෝග්‍ය ඇසුරුම් භාවිතය සහ ප්‍රවාහනය සඳහා නිසි පිළිවෙත් අනුගමනය කිරීම නිසයි. ‍

පසු අස්වනු හානියට අමතරව එළවළු සහ පළතුරු වගා කිරීමේදී නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතය හේතුවෙන් ඒවායෙහි අවශේෂයන් අස්වනුවල අඩංගුව පැවතීමෙන් එය සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාව තුළ රසායනික ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැනුවත්භාවය හා අවශ්‍ය තාක්ෂණික දැනුම අඩු මට්ටමක පැවතීමත් ඒවා නියාමනයට අවශ්‍ය නීතිරීති නිසිපරිදි සම්පාදනය නොවී තිබීමත් හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත. පළිබෝධනාශක භාවිතය නිරීක්ෂණය සඳහා දීර්ඝකාලීනව සැලසුම් කරන ලද නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක නොවන අතර එළවළු හා පලතුරු වල ඒවායේ අවශේෂයන් අඩංගු වීම පිළිබඳව කරනු ලබන අධ්‍යයනයන් ද සීමිත සංඛ්‍යාවක් පවතී.

ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව (food safety) පිළිබඳ ගැටළු වැඩිවෙමින් පවතී. පලතුරු සහ එළවළු සඳහා අපනයන විභවය ගැන අවධානය යොමු කරන විට, ජාත්‍යන්තර වෙළඳපළ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒම ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවරු කිරීම අවශ්‍ය වේ.

කෘෂිකාර්මික නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සඳහා විසඳුමක් ලෙස යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices -GAP) වැඩසටහන 2015 දී හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහන යටතේ පොහොර, පළිබෝධනාශක හා වල් නාශක, අස්වනු නෙලීම, සැකසීම, ප්‍රවාහනය, ශ්‍රේණිගත කිරීම, ඇසුරුම් කිරීම, අගය එකතු කිරීම, ලේබල් කිරීම, බෙදා හැරීම සහ ගබඩා කිරීමේ ක්‍රියාවලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ, ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ කාර්යය, ඒ ඒ ආයතනවල විශේෂඥභාවය මත පදනම්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පරමාණුක බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා රේගු – නිරෝධායන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු ගණනාවකට බෙදී තිබේ. මෙසේ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ වගකීම් විවිධ ආයතන අතර බෙදී යාම මඟින් එහි සම්බන්ධීකරණය ඵලදායී හා පරිපූර්ණ නොවනු ඇත. දේශීය ආහාර නිෂ්පාදනය තුළ ගොවිපොළේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා (Farm-to-table) වන සැපයුම්දාමයෙහි පාලනය සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැති අතර ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව මැනීම සඳහා ප්‍රමාණවත් ජාතික ප්‍රතිපත්තීන් නොමැති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වන විධිමත් යාන්ත්‍රණයක් දක්නට නොලැබීම හේතුවෙන් විශේෂයෙන් කෘෂි නිෂ්පාදනවල ස්‍යෙඛ්‍යාරක්ෂිතභාවයට ගැටලු ඇති කරයි.

1980 අංක 26 දරණ ශ්‍රී ලංකා ආහාර පනත (Sri Lanka Food Act No. 26 of 1980) ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බවට අදාළ ප්‍රධාන ජාතික මට්ටමේ ව්‍යවස්ථාදායක ලේඛනයයි. ආහාර පනත මූලික වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ( Director Health Services – DHS) හරහා පළාත් පාලන ආයතන සහ කලාපයේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ( Medical Officer of Health –MOH) හරහා ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යනු ආහාර උපදේශන කමිටුවේ (Food Advisory Committee – FAC) සභාපතිවරයා වන අතර පනතේ විවිධ අංශ ක්‍රියාත්මක කරන විවිධ ආයතනවල නියෝජිතයින් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.

වගුව: ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳ ගැටළු සහ  හේතු සාධක

මූලික ප්‍රශ්නහේතු සාධක
එළවළු හා පලතුරුවල දුර්වල අස්වැන්න සහ අස්වැන්න නෙළීමට පෙර භාවිතයන් බලපායිදුර්වල ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතය සහ පෙර අස්වනු රෝග
නුසුදුසු අස්වනු නෙලීමේ ක්‍රමඅස්වනු පරිණත වීමේ නිවැරදි අවධියට පෙර අස්වනු නෙලීම, නුසුදුසු වේලාවන්හිදී අස්වනු නෙලීම හා අස්වනු නෙලීම සඳහා නුසුදුසු ක්‍රම භාවිතා කිරීම
වර්ග කිරීමේ හා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේද භාවිතා නොවීමවර්ග කිරීම හා ශ්‍රේණිගත කිරීමකින් තොරව ගොවීන් තම නිෂ්පාදන විකුණනු ලැබේ.
ප්‍රවාහනයේදී නුසුදුසු ලෙස හැසිරවීම සහ ඇසුරුම්කරණ දුර්වලතාපසු අස්වනු හානි වැඩි වශයෙන් සිදුවන්නේ ප්‍රවාහනයේදී නිසි පිළිවෙත් අනුගමනය නොකිරීමේ බලපෑම් නිසා ය. ප්‍රවාහනය සඳහා ශීතකරණය කළ වාහන නොමැතිවීම, හිරු එළිය සහ වැසි සඳහා නිරාවරණය වීම ගැටලු ඇතිකරයි
වෙළඳපොළවල ගබඩා පහසුකම් නොමැතිකමපාර අයිනේ ඇති අනාරක්ෂිත සිල්ලර වෙළඳසැල් තුළ සහ අනෙකුත් වෙළෙඳපොළවල අතිරික්ත සැපයුම් ගබඩා කිරීමට සුදුසු ඉඩ පහසුකම් නොමැතිවීම
වෙළඳපොලේ ඇති ඉල්ලුම පිළිබඳ දැනුමක් ගොවීන්ට නොමැතිකම
පලතුරු ඉදවීමේදී නුසුදුසු පිළිවෙත් අනුගමනය කිරීමපලතුරු ඉදවීම සඳහා කැල්සියම් කාබයිඩ් (industrial calcium carbide) වැනි රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිතා කිරීම
එළවළු වල පළිබෝධ නාශක  අපද්‍රව්‍ය අන්තර්ගත වීමගොවීන් නිර්දේශයන්ට වඩා පළිබෝධනාශක අධික ලෙස භාවිතා කිරීම

එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගතයුතු පියවර කිහිපයකි.

  1. එළවළු හා පලතුරු සැපයුම් දාමයන්හි ගොවිපොළ බිම් නිෂ්පාදනයේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා සියලු පාර්ශ්වකරුවන්: නිෂ්පාදකයින්, සකස් කරන්නන්, ගබඩා කරන්නන්, බෙදාහරින්නන් සහ වෙළෙන්ඳන් යන ප්‍රවේශයන් තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බවසහතික කිරීම.
  2. එළවළු සහ පලතුරුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ඒවා ඇසිරීම සහ ප්‍රවාහනය සඳහා යෝග්‍ය වන ඇසුරුම් සහනදායී මිලකට අදාල පාර්ශ්වකරුවන් වෙත ලබාදීම සහ ඒවා භාවිතයේ දී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා අදාල පුහුණු වීම් සහ මඟ පෙන්වීම ලබා දීම.
  3. පවත්නා තොග හා සිල්ලර වෙළඳපොළවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.
  4. පවත්නා එකතු කිරීමේ හා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ගබඩා පහසුකම් ඇති කිරීම.
  5. පලතුරු සහ එළවළු ප්‍රවාහනය සඳහා පළාත් මට්ටමින් ශීතකරණ පහසුකම් සහිත ප්‍රවාහන පද්ධතියක් සකස් කළ හැකි අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සිට අස්වනු ප්‍රවාහනය සඳහා ශීත කළ වෑන් රථ ආරම්භ කළ හැකිය.
  6. ගොවීන් සහ ව්‍යාප්ති නිලධාරීන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම තුළින් පළිබෝධනාශක භාවිතයේ දී යෝග්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ පුහුණු වීම් ලබාදීම.
  7. සුදුසු පළිබෝධනාශක හා මාත්‍රාව තෝරා ගැනීම පිළිබඳව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් (කුපනිස) සඳහා පුහුණුව ලබා දීම සහ ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා ඔවුන් පුහුණු කිරීම.
  8. එළවළු හා පලතුරු සඳහා උපරිම අවශේෂ සීමා (Maximum Residue Levels/MRL) පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කර ඇති අතර මෙම ප්‍රමාණ ඉක්මවා නිෂ්පාදනවල අන්තර්ගත නොවීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ නීතිරීති හඳුන්වා දීම සහ එවැනි  අවශේෂ විශ්ලේෂණය කිරීම සඳහා  අවශ්‍ය විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම.
  9. පළිබෝධනාශක පනත දැඩි ලෙස බලාත්මක කිරීම සහ පළිබෝධ නාශක අපද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම සඳහා පවත්නා විද්‍යාගාර පහසුකම් වැඩිදියුණු කිරීම
  10. GAP වැඩසටහන් සඳහා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම. GAP නිෂ්පාදන සඳහා දේශීය වෙළඳපොළ සංවර්ධනය කිරීම.
  11. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP), යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහ සූක්ෂම පාලන ස්ථාන වන උපද්‍රව විශ්ලේෂණය (HACCP) යන මූලධර්ම ක්‍රියා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
  12. කාබනික නිෂ්පාදන, GAP නිෂ්පාදන සහ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ පුළුල් කිරීම හා ඒවා සඳහා විධිමත් සහතික කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම.
  13. ආනයනික පලතුරු වල ගුණාත්මකභාවය පිළිබඳ වඩා හොඳ නියාමනයක් ක්‍රියාත්මක කිරීම වැදගත් ය.
  14. ශ්‍රී ලංකාව තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීම සඳහා තනි නියාමන අධිකාරියක් (Food Safety and Standards Authority) පිහිටුවීම සහ ආහාර ස්‍යෙඛ්‍යාරක්ෂිතතාපනත සහ අදාළ නීතිරීති ශක්තිමත් කිරීම.

රුවිනි විදානපතිරණ – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, අලෙවිකරණ, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු  කිරීමේ ආයතනය

Loading...

Post Comment