"දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට" දුප්පත් ජනපති කියූ කථාව

Spread the love

ජනාධිපතිවරයෙක් කිවුවම එක සැරේටම අපිට මැවෙන්නෙ ලොකු මන්දිර වගේ ගෙවල්, යාන වාහන, මහා පිරිවර ඒත් අපි කිවුවොත් පුංචි ගෙයක්, තණකොළ වැවුනු මිදුලක්, පරණ කාර් එකක් වගේ දේවල් ඔයාට මතක් වෙන්නෙ මොකක්ද..? දුප්පත් මනුස්සයෙක්ගෙ ගෙදරක්, එහෙමත් නැත්තම් පිටිසර ගමක තියෙන ගොවිපලක්. මොකද හිතෙන්න. ඔව් මේ පිටිසර ගමක තියෙන පුංචි ගෙදරක් තමයි. ඒත් ඒ ලෝකයේ දුප්පත්ම ජනාධිපතිගෙ.උරුගුවේ රට තමයි හොසේ පාලනය කරන්නෙ.

හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි.හොසේගෙ තරුණ කාලයනම් ඒ තරම් සුන්දර නැහැ. මොකද ඔහු ගරිල්ලා සංවිධානයකට ඇතුල් වෙලා, ඔහුව අත් අඩංගුවට ගන්න ආපු පොලිස් නිළධාරීන් එක්ක දැඩි සටනක නිරත වෙද්දි වෙඩි උණ්ඩ හයක්ම හොසේගෙ ඇඟට ඇතුල් වෙලා තියෙනවා.

හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි.

බොහොම නිදහසේ ජනතාවත් එක්කම කාලය ගත කරන්න කැමති හොසේ ජනතාවගේ ආදරය දිනා ගන්න ගොඩක් සමත් වෙලා තියෙනවා. වැදගත්ම දේ තමයි හොසේ තමන්ගෙ මාසික වැටුපෙන් 90% ක්ම වෙන් කරන්නෙ ජනතාව වෙනුවෙන්. ඒ කියන්නෙ තමන්ගෙ ප්‍රයෝජනයට තියෙන්නෙ 10% ක් විතරයි.

.

ඒ වගේම හොසේ කියපු බොහොම වටින කතාවක් තමයි මේ පහලින් සඳහන් කරලා තියෙන්නෙ. හැමෝම මේ විදියට හිතනවනම් මේ  ලෝකෙ කොච්චර ලස්සන වේවිද..?

“ම  ගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.” 

[rns_reactions]