සංචරණ සීමා ඉවත් කිරීම: ‘යුද හමුදාපති‘ අවසන් තීන්දුව දෙයි

සංචරණ සීමා ඉවත් කිරීම: ‘යුද හමුදාපති‘ අවසන් තීන්දුව දෙයි
Spread the love

කොවිඩ්- 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බවත් වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අංශවල නිලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවත් යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

අද (10) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළිකළ යුද හමුදාපතිවරයා රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත් සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් කීවේය.

මේ සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සදහා හෙට (11) සාකච්ඡාවක් පැවැත්වෙන බව ද කී යුද හමුදාපතිවරයා සංචරණ සීමා සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය යැයි ද ඒවා විශ්වාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද පැවසුවේය .