කොවිඩ් පාලනයට GMOA වෙතින් නව යෝජනාවලියක්

කොවිඩ් පාලනයට GMOA වෙතින් නව යෝජනාවලියක්
Spread the love

කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (11) ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත යොමු කළ ලිපියක් මගින් මේ ඉල්ලීම කර ඇත.

එම ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වාදී ඇත්තේ මේ දක්වා ක්‍රියාත්මක කළ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරමින් ඇති බවත් සංචරණ සීමා කඩිනමින් ඉවත් කළහොත් ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යා හැකි බවයි.

එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

  1. නිවසකින් පිටව යන පුද්ගලයින් අවම කරමින් සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාකළ යුතුය.
  2. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ විවෘතව ඇති ආයතන ආශ්‍රිතව පී.සී.ආර් පරීක්ෂණ ඉහළ නැංවිය යුතුය.
  3. කොවිඩ් බහුල ව්‍යාප්තියක් සහිත රටවල හා මාරාන්තික, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවල සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා නොදිය යුතුය.
  4. සමාජය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා අහඹු ලෙස සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතුය.