යුක්‍රේනය හමුදා සෙබළියන්ට බූට් වෙනුවට ‘අඩි උස පාවහන්‘

යුක්‍රේනය හමුදා සෙබළියන්ට බූට් වෙනුවට ‘අඩි උස පාවහන්‘
Spread the love

ඉහළ ඡායාරූපය – යුක්‍රේන හමුදා සෙබළියන් පෙළපාලියක් සඳහා පුහුණුවීම්වල යෙදෙන අයුරු

නිතර නිතර උණුසුම් දේශපාලන පුවත් මවන යුක්‍රේනයෙන් අද (03) උණුසුම් සුන්දර පුවතක් වාර්තා වුණා. ලෝකය කුල්මත් කළත් මේ පුවතින් යුක්‍රේනය නම් ගිනි ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ලබන මාසයේ යුක්‍රේනයේ පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියක් වෙනුවෙන් හමුදා සෙබළියන් හමුදා බූට් සපත්තු වෙනුවට අඩි උස පාවහන් පැළදීමට සූදානම් වෙමින් සිටිනවා. එය ආරක්ෂක අමාත්‍යාංශයේ සැලසුමක් බවයි වාර්තා වෙන්නේ.

මේ පුවත ශ්‍රවණය වුණ විගස යුක්‍රේනයේ මහා අවුලක් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අයිරිනා ජෙරාෂ්චෙන්කෝ මෙම තීරණය දැඩිව හෙළා දකමින් කියා සිටියේ ‘එය සමානාත්මතාවය නොව ලිංගිකත්වය‘ බවයි.

සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමෙන් පසු නිදහස ලබා වසර 30 ක් සපිරීම නිමිත්තෙන් යුක්‍රේනය ලබන අගෝස්තු 24 වන දින හමුදා පෙළපාළියක් පැවැත්වීමට සූදානම් වෙනවා. ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මෙහිදී පැළදීමට නියමිත අඩි උස සපත්තු හමුදා නිල ඇඳුමේ කොටසක් බවයි.

යුක්රේනයේ බොහෝ දෙනෙක් මෙම සැලසුම ගැන කම්පනය පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ආරක්ෂක ඇමති ඇන්ඩ්‍රි ටාරන්ව දැඩිව විවේචනය කළා. ඔවුන් කියන්නේ මේ තීන්දුව ගැන ආරක්ෂක අමාත්‍යවරයා ‘ජාතියෙන් සමාව ගත යුතු බවයි‘.

“හමුදා පෙළපාලියකදී මෙවැනි දෙයක් දැකීමට සිදුවීම ඇත්තටම නින්දාවක්” යැයි දේශපාලන විචාරක විටාලි පෝට්නිකොව් සිය ෆේස්බුක් වෙබ් අඩවියේ සඳහන් කළා. ඔහු කියා සිටියේ සමහර නිලධාරීන්ට “මධ්‍යකාලීන” මානසිකත්වයක් ඇති බවයි.

ජෙරාෂ්චෙන්කෝ මහත්මිය පැවසූයේ, ‘මෙම පින්තූර ප්‍රෝඩාවක්‘ බවයි. 

එය ලිංගිකත්වය මිස සමානාත්මතාවය නොවන බව පැවසූ ඇය ‘කාන්තාවන්ට සරිලන පරිදි ශරීර හමුදා නිල ඇදුමක් නිර්මාණය කිරීමට වඩා විලුඹ වැදගත් යැයි ආරක්ෂක අමාත්‍යාංශය සිතුවේ මන්දැයි‘ සිය විමතිය පළ කළාය.

හමුදා ප්‍රවීණයෙකු වන මාරියා බර්ලින්ස්කා කියා සිටියේ පෙළපාළියක මිලිටරි දක්ෂතාවය පෙන්නුම් කළ යුතු නමුත් මෙය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මිත්‍රත්වයන් සඳහා නම් කිරීම බවයි.

රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන්ට එරෙහිව යුක්රේන හමුදාව සිදුකරන මෙහෙයුම්වලදී සෙබළියන් 13,500 කට වැඩි පිරිසක් සටන් කර ඇති බව නියෝජ්‍ය පාර්ලිමේන්තු කථානායක ඔලේනා කොන්ඩ්‍රැටියුක් පෙන්වා දුන්නාය.

මේ වන විට කාන්තාවන් 31,000 කට වැඩි පිරිසක් යුක්ක්‍රේන ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අතර නිලධාරීන් 4,000 කට වැඩි පිරිසක් ද වෙති.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ