කොවිඩ් ආසාදිතයින් සොයා ගන්න ‘සනත් නිශාන්තගේ‘ සුපිරි සොයා ගැනීම රටට හෙළි කරන්න

කොවිඩ් ආසාදිතයින් සොයා ගන්න ‘සනත් නිශාන්තගේ‘ සුපිරි සොයා ගැනීම රටට හෙළි කරන්න
Spread the love

කොවිඩ් ප්‍රභේද හදුනා ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා හැකියාවක් නොමැතිව තිබියදී, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අනීතිකව නිරෝධායනයට ලක්කර සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයිගේ ඩෙල්ටා ප්‍රභේදය ඇති බව හොයා ගනු ලැබූ පරීක්ෂාව කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බව‍ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රවි කුමුදේශ් මහතා කියන්නේ වසංගත විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනි විදිහට, නිරෝධායන නීතීයට පාවිච්චි කරලා මර්ධනය ගේන්න ආණ්ඩුවට ලණු දීපු සමහර දේශපාලකයින්, වැරැද්ද නිවැරදි කිරීම වෙනුවට රටට විහිළු සපයමින් සිටීම ඛේදජනක බවයි.

ජෝසප් ස්ටාර්ලිං ඇතුලු කණ්ඩායමේ සියළු PCR පරීක්ෂණ යාපනය ශික්ෂණ රෝහලේ අණුකජීවී රසායනාගාරය මගින් සිදු කරන ලද අතර, ඒ සියළු  පරීක්ෂණ මගින් කිසිවෙක් හෝ ආසාධිත නොවන බව තහවුරු කර දින හතරකට පසුව සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අර අදින්නේ කුමකට යන්න පැහැදිළි නැත. නමුත් මෙම විහිළු සැපයීම දිගින් දිගට සිදුවීම මඟින්  වසංගත පාලනය අයාලේ යෑම නොවැලැක්විය හැකි බැවින්,  කිසිදු ආසාධනයක් නොමැති පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවල හිර කර තබමින් සිදුකරන ලද වරද ආණ්ඩුව වහා නිවැරදි කල යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.