මෙල්ස්ටා සමාගම සිය නවතම ව්‍යාපාරය – මෙල්ස්ටා ඔසුසල් දියත් කරයි

මෙල්ස්ටා සමාගම සිය නවතම ව්‍යාපාරය – මෙල්ස්ටා ඔසුසල් දියත් කරයි
Spread the love

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමූහ ව්‍යාපාරයක් වන මෙල්ස්ටාකෝප් සමාගම ශ්‍රී ලාංකිකයින් හට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ දැක්ම ඇතිව 2017 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර ආරම්භ කළේය. මෙල්ස්ටාකෝප් සමාගම අද වනවිට මේ ඉලක්කය වෙනුවෙන් කැපවුණු ඉහළම තත්ත්වයේ සෞඛ්‍ය සේවා ආයතන ගණනාවක හිමිකාරීත්වය දරන අතර තවත් ගණනාවක කළමනාකරණය මෙහෙයවයි.

මෙල්ස්ටා සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහලක් වන ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේ කළමනාකරණය සහ මෙහෙයවීම සිදු කරන අතර පසුගිය වසරේදී රාගම බ්‍රවුන්ස් රෝහල මිල දී ගෙන එය රාගම මෙල්ස්ටා රෝහල ලෙස නව සන්නාමයක් යටතේ අලුත් මුහුණුවරකින් දියත් කළේය. නව රාගම මෙල්ස්ටා රෝහල නවීන වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කර ඇති අතර අති නවීනතම විකිරණ සේවා තාක්ෂණයන්ගෙන් සහ සන්ධි බද්ධ කිරීම වැනි සංකීර්ණ ශල්‍යකර්ම කිරීමේ පහසුව සමඟ අංග සම්පූර්ණ වී ඇත. එමෙන්ම මෙල්ස්ටා රෝහල මෑතකදී නවීනතම තාක්ෂණයෙන් යුත් ආමාශ ආන්ත්‍රයික මධ්‍යස්ථානයකa (Gastro Intestinal Centre) සහ මෞත්‍ර ලිංගික වෛද්‍ය සේවා මධ්‍යස්ථානයක් (Urology and Transplant Center) ස්ථාපනය කළේය. රාගම මෙල්ස්ටා රෝහල නිවාස සාත්තු සේවා සැපයීම, ජංගම පරීක්ෂණ පහසුකම් සහ ගිලන්රථ සේවාවන් වැනි පහසුකම් රැසක් සපයන අතර ISO 9001, ISO 22000:2018, ISO45001 සහ ISO14001 වැනි ප්‍රමුඛතම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන් දිනා ඇත.   

2020 ජූනි මසදී මෙල්ස්ටා වෛද්‍ය රසායානාගාර සේවාව ආරම්භ කෙරුණු අතර නවීනතම පර්යේෂණ තාක්ෂණයන්ගෙන් සම්පූර්ණ මෙල්ස්ටා රසායානාගාර ජාලය මෙරට රෝහලකට අනුබද්ධ නොවන විශාලතම තනි රසායානාගාර ජාලයයි. මෙල්ස්ටා රසායානාගාර ජාලයේ ප්‍රධාන ශාඛාව කොළඹ පිහිටා ඇති අතර ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රාදේශීය වෛද්‍ය රසායානාගාර පිහිටා ඇත. ඊට අමතරව රෝහල් දෙකක මෙල්ස්ටා රසායානාගාර ක්‍රියාත්මක වන නිසා දිවයින පුරා ජනතාව විශාල ප්‍රමාණයකට ජාත්‍යන්තර මට්ටමේ රෝග විනිශ්චය පරීක්ෂාවන් පහසු මිලට කරගැනීමේ අවස්ථාව හිමි වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් PCR පරීක්ෂණ සිදු කිරීම පිළිබඳව පළමුවරට විගණනය කළ රසායානාගාර සේවාව මෙල්ස්ටා රසායානාගාර සේවය වන අතර මෙල්ස්ටා රසායානාගාරවලින් පහසුවෙන් කොවිඩ් 19 සඳහා PCR පරීක්ෂාව සිදු කරගැනීමට ජනතාවට අවස්ථාව ඇත.

(වමේ සිට දකුණට) මෙල්ස්ටා ෆාමසි සභාපති අමිත ගුණරත්න මහතා සහ එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ආචාර්ය අරුණ ජයකොඩි, නිමල් නාගහවත්ත සහ ඩේමියන් ප්‍රනාන්දු මහතා.

මෙල්ස්ටා සමාගමේ නවතම ව්‍යාපාරයේ ආරම්භය පසුගියදා මෙල්ස්ටා ඔසුසල (Melsta Pharmacy) නමින් දියත් වුණු අතර මේ නව පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ඔසුසැල් ජාලයද අනෙකුත් මෙල්ස්ටා ව්‍යාපාරයන් මෙන්ම සුවිශේෂීත්වයන් ගණනාවකින් සමන්විතය. මෙල්ස්ටා ඔසුසැල් ප්‍රධාන ශාඛාව විසින් ඖෂධ නිවසටම ගෙනවිත් දීම, නොමිලේ සෞඛ්‍ය පරීක්ෂාවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ වට්ටම්, රෝගීන් සඳහා විශේෂ උපදේශනය වැනි පහසුකම් හා සේවාවන් රැසක් සපයන පළපුරුදු වෘත්තීය කාර්යමණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන ඔසුසලකි. මව්වරුන් සහ ළදරුවන් සඳහා වන නිෂ්පාදනවල සිට, සුවතාවය සහ එදිනෙදා පරිභෝජනය සඳහා වන නිෂ්පාදන, පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන දක්වා පු`ඵල් පරාසයක භාණ්ඩ මෙල්ස්ටා ඔසුසලෙහි අලෙවි කෙරෙන අතර පාරිභෝගිකයින් හට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කර ඉක්මනින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුවද මෙල්ස්ටා ඔසුසල විසින් හඳුන්වාදී ඇත.

මෙල්ස්ටා ඔසුසල් ව්‍යාපාරයේ දියත් වීමත් සමඟ මෙල්ස්ටා හෙල්ත් සමාගම රෝහල් සේවාවන්ගේ සිට වෛද්‍ය රසායානාගාර සේවාවන් හා ඖෂධ සැපයීම දක්වා සම්පූර්ණ සෞඛ්‍ය සේවාවන් පරාසයක් වර්තමානයේදී ආවරණය  කරයි. පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ වේගයෙන්ම වර්ධනය වන කීර්තිමත් සමාගමක් වශයෙන් සිය`ඵ ශ්‍රී ලාංකිකයින් හට පහසු මිලට ඉහළම තත්ත්වයෙන් යුත් සේවාවන් ලබා ගැනීමට හැකි ආකාරයට අඛණ්ඩවම වර්ධනය වීම මෙල්ස්ටා සමාගමේ අපේක්ෂාවයි.