ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව: පවිත්‍රාගෙන් විශේෂ ඉල්ලීමක්

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව: පවිත්‍රාගෙන් විශේෂ ඉල්ලීමක්
Spread the love

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවන් සඳහා එන්නත් කිරීම අද (01) ආරම්භ වූ බැවින්, එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල අනවශ්‍ය තදබදයක් ඇති නොකරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

තමන්ට එන්නත් ලබා ගැනීමට මිනිසුන්ට ප්‍රමාණවත් කාලයක් තිබෙන බවත් එම නිසා එන්නත් මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් වළක්වා ගන්නා ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

‘‘ඇස්ට්‍රාසෙනෙකා හි දෙවන මාත්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් බස්නාහිර පළාතේ විශාල ජනතාවක් සිටිනවා. පළමු මාත්‍රාව ලබා ගත් අයට ලබා දීමට අවශ්‍ය මාත්‍රාවන් අපට ලැබීම ලොකු සහනයක්, ”ඇය පැවසුවාය.

“මෙය දිගු කලක් බලා සිටි දෙයක්. කෙසේ වෙතත්, එන්නත් කිරීමේ මධ්‍යස්ථාන වල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් වගකීම් විරහිතව ක්‍රියා කළහොත් තත්වය නරක අතට හැරෙවි‘ ඇය පැවසුවාය.

බස්නාහිර පළාතේ සෑම මහජන සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි එන්නත්කරණ මධ්‍යස්ථාන ගණනාවක් පිහිටුවා ඇති බවත්, එම නිසා ඉවසිලිවන්තව එන්නත ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවසුවාය.

‘‘බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 20 කට වැඩි ගණනක දින 7ක් පුරා මෙම එන්නත් කිරීමේ වැඩසටහන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ හමුදාව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමෙන් මෙම රෝගයෙන් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ”ඇය තවදුරටත් පැවසුවාය.

මේ අතර, ඉතිරි මාත්‍රාවන් කෑගල්ල දිස්ත්‍රික් එන්නත් කිරීමේ වැඩසටහනට ලබා දීමට නියමිත බවත්, ලබන සතියේ ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවන් 727,380 ක් ලබා ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.