‘ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත‘ කඩිනමින් පාර්ලිමේන්තුවට

‘ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත‘ කඩිනමින් පාර්ලිමේන්තුවට
Spread the love

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්ක ගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙණු වලදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් දැණුවත් කිරීමටනව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම්  ක්‍රමවේදයක් හදුන්වා දුන් බවත් කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට හදුන්වාදීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 

අද (03) සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම නව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම්  අංකය හදුන්වා දීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කීය. ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.