රෝහල් ධාරිතාවයෙන් 90%ක් පිරිලා – සෞඛ්‍ය අමාත්‍යාංශය

රෝහල් ධාරිතාවයෙන් 90%ක් පිරිලා – සෞඛ්‍ය අමාත්‍යාංශය
Spread the love

සම්ප්‍රේෂණ හැකියාවෙන් ඉතා ඉහළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ලෙස සැලකිය හැකි යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු  මහතා පැවැසීය.

මේ වනවිට කොරෝනා  රෝගීන් වැඩි වැඩියෙන් හමුවන අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවයි ප්‍රනාන්දු මහතා පවසන්නේ.

රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම මට්ටමට ළඟාවී ඇතැයි ද රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයාම දැඩි අනතුරුදායක තත්වයකැයි ද ඔහු වැඩි දුරටත් පවසයි.

මේ අතර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් ධාරිතාවයෙන් සියයට 90ක් මේ වනවිට භාවිතයට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ඇඳන් 33,136ක් පවතින අතර මේ වනවිට ඉන් ඇඳන් 30,046කම රෝගීන් සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයින් 500කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත්ව සිටින රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා යෑම හේතුවෙන් එහි ඊයේ වනවිට රෝගීන් විවිධ ස්ථානවල තබා ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.