13 වන බ්‍රික්ස් සමුළුව Online ක්‍රමයට ඉන්දීයාවේදී

13 වන බ්‍රික්ස් සමුළුව Online ක්‍රමයට ඉන්දීයාවේදී
Spread the love

BRICS නායකයන්ගේ සමුළුව මාර්ගගත (online) ක්‍රමයට සැප්තැම්බර් 09 වනදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් India News Network  වාර්තා කරයි. 

බ්‍රික්ස් (BRICS) යනු බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව, චීනය  හ දකුණු අප්‍රිකාව යන රටවල දේශපාලන හා ආරක්‍ෂක, ආර්ථික හා මූල්‍ය හා සංස්කෘතික හා මිනිසුන් අතර හුවමාරු වන කරුණු තුන යටතේ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට පිහිටුවා ගත් සංවිධානයකි මෙවර බ්‍රික්ස් (BRICS) සමුලුවේ තේමාව අඛණ්ඩතාව, තහවුරු කිරීම සහ සම්මුතිය සඳහා බ්‍රික්ස් අභ්‍යන්තර සහයෝගීතාවය යන්න යි.වසර ගණනාවක සිට ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම වූයේ බ්‍රික්ස් රටවල් ය.

බ්‍රික්ස් (BRICS) යනු ලෝක ජනගහනයෙන් 41% ක් ද ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 24% ක් ද ලෝක වෙළඳාමේ 16% කට වැඩි කොටසක් ද ඇතුළත්ව ලෝකයෙන් නැඟී එන ප්‍රධාන ආර්ථිකයන් එකට ගෙන එන වැදගත් සමූහයකි. (ලෝක බැංකු දත්ත -2019)

ඉන්දියාව සිය සභාපතිත්වය යටතේ ප්‍රමුඛතාව යොමු කළ යුතු අංශ හතරක් දැනටමත් දක්වා ඇත.

ඒවා නම් බහුපාර්ශ්වික ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදයට එරෙහි වීම, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ඩිජිටල් හා තාක්‍ෂණික මෙවලම් භාවිතා කිරීම සහ අන්තර් හුවමාරුව තුළින් මානව කුසලතා වර්ධනය කිරීම(People to People exchanges)

මෙම කරුණු වලටඅමතරව, COVID-19 වසංගතයේ බලපෑම සහ අනෙකුත් වර්තමාන ගෝලීය හා කලාපීය ගැටලු පිළිබඳව ද නායකයින් අදහස් හුවමාරු  කර ගැනීමට අපේක්ෂිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් උපුටා දක්වමින් India News Network  වාර්තා කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ(Narendra Modi) මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම බ්‍රික්ස්(BRICS) නායකයන්ගේ හමුවට බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ(Jair Bolsanaro), රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්(Vladimir Putin), චීන ජනාධිපති ෂී ජින්පින්(Xi Jinping) සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා (Cyril Ramaphosa) යන රාජ්‍ය නායකවරුන් සහභාගිවීමට නියමිත ය.

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් (Ajit Doval), නව සංවර්ධන බැංකුවේ සභාපති මාර්කෝස් ට්‍රොයිජෝ(Marcos Troyjo) බ්‍රික්ස් ව්‍යාපාරික කවුන්සිලයේ අන්තර්කාලීන සභාපති ඔන්කාර් කන්වර්  (Onkar Kanwar) බ්‍රික්ස් කාන්තා ව්‍යාපාර සන්ධානයේ අන්තර්කාලීන සභාපතිනි ආචාර්ය සංගිතා රෙඩ්ඩි (Dr. Sangita Reddy) යන අය ඔවුන්ගේ ප්‍රතිඵල හා ක්‍රියාදාමයන් පිළිබඳ වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රික්ස් (BRICS)  සමුළුවේ මුලසුන  දරණ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ඔහු 2016 දී ගෝව(Goa) සමුළුවේ මුලසුන හොබවා ඇත.