මේ තත්ත්වය තුළ පාසල් යළි විවෘත කළ නොහැකියි – සෞඛ්‍ය අමාත්‍යාංශය

මේ තත්ත්වය තුළ පාසල් යළි විවෘත කළ නොහැකියි – සෞඛ්‍ය අමාත්‍යාංශය
Spread the love

ටේ පවතින කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් පාසල් නැවත විවෘත කිරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ පාසල් නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දිය නොහැකි බවයි.

සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම සලකා බලා පාසල් නැවත විවෘත කිරීමට අවසර දෙන පරිදි පරිසරය සැකසීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම බව ද ඔහු පැවසීය.

‘‘සෞඛ්‍ය නිලධාරීන් වශයෙන් අපට පරිසරය නිර්මාණය කළ නොහැකියි. අප මත පැවරී ඇති වගකීම වන්නේ ක්‍රමාණුකූලව සිදු වන කොවිඩ් රෝගීන් අඩු වීම සහතික කිරීම පමණයි. පාසල් නැවත විවෘත කිරීමට අවශ්‍ය නම් පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍යයි‘ යැයි වෛද්‍ය හේරත් අවධාරණය කළේය.