ගෑස් මිල ඉහළ දමන ලෙස තවත් ඉල්ලීමක්

ගෑස් මිල ඉහළ දමන ලෙස තවත් ඉල්ලීමක්
Spread the love

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩි කරන ලෙස ගෑස් සමාගම් රජයෙන් නව ඉල්ලීම් කර ඇති බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම ගැන කරුණු දක්වමින් ගෑස් සමාගම් විසින් ඉල්ලීම ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

“දේශීය වෙළෙඳපොළේ ගෑස් හිඟයක් පවතින බව අමාත්‍යාංශය පිළිගන්නා නමුත් එය පෙර තරම් ප්‍රබල එකක් නොවෙයි. කෙසේ වෙතත්, අමාත්‍යාංශය මේ වන විට ගෑස් සමාගම් සමඟ මිල ගණන් පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා‘ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුව සහ ඇමතිවරුන් ‘ගෑස් සමාගම්‘ යැයි කියමින් මෙරට ප්‍රමුඛතම හා ගෑස් වෙළෙදපොළේ ඉහළම කොටසකට හිමිකම් කියන ලිට්රෝ සමාගම ගැන සදහන් කළ ද එය රජය සතු සමාගමක් වන අතර ලාෆ් ගෑස් සමාගම මෙරට ගෑස් වෙළෙදපොළ තුළ සිටින අනෙක් ‘එකම‘ ගෑස් සමාගම වේ.