නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කරයි

නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කරයි
Spread the love

කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන රැස්වීමේදීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා එම තීරණය ගත් බව යුදහමුදාපතිවරයා සඳහන් කළේය.

නව තීරණය අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි අවසන් අවසන්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මස 1 වැනිදා අලුයම 4.00ට බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා නියෝජනය ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.