කියු හි රාජකීය උද්භිද උද්‍යානයේ Royal Botanic Gardens (RBG) අවම වශයෙන් අද්විතීය ශාක විශේෂ 16,900 ක් වත් වාසය කරයි.
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය උද්භිද උද්‍යානය හෙවත් ‘කියු උද්‍යානය – Kew Gardens ‘ විසින් එක් ස්ථානයක විශාලතම ජීවී පැළෑටි එකතුව සඳහා නව ගිනිස් වාර්තාවක් තබා තිබේ.
1759 දී පිහිටුවන ලද, කියු හි රාජකීය උද්භිද උද්‍යානයේ 2019 මැයි මාසය වන විට අද්විතීය ශාක විශේෂ 16,900 ක් තිබුණි.
උද්භිද උද්‍යානයක ඇති වඩාත්ම විවිධාකාර සජීවී ශාක එකතුව මෙය වන බව ගිනිස් වාර්තා කමිටුව පැවසීය.
කියු හි උද්‍යාන විද්‍යා අධ්‍යක්ෂ රිචඩ් බාර්ලි මෙම සම්මානය හැඳින්වූයේ “අපූරු පිළිගැනීමක්” ලෙස ය.
බාර්ලි මහතා මෙසේ පැවසීය: “විශාලතම ජීවී ශාක එකතුව පිළිබඳ වාර්තාව හිමි කර ගැනීම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු. සුන්දරත්වය විඳීමට හැකි තවත් එක් ස්ථාන පමණක් නොව, ආශ්වාදයේ සහ අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස එය ලොව පුරා උද්භිද උද්‍යාන වල වැදගත්කම නැවත බලාත්මක කරයි‘‘
කියු උද්‍යානය බලාපොරොත්තු වන්නේ එහි සියළුම එකතු කිරීම් අඛණ්ඩව ගබඩා කර අවසන් වන විට වාර්තාගත පැල සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවයි.
යුනෙස්කෝ ලෝක උරුම අඩවියේ නිල වශයෙන් ලොව උසම හා සුවඳවත්ම ශාකය වන ටයිටන් ඇරම් ඇතුළු වාර්තා බිඳ දැමූ පැලෑටි රාශියක් එහි ඇත.
2020 දී, කියු හි තවාන් වල නියැදියක් ලොව උසම නෙපෙන්ටිස් පැලය සඳහා ත්‍යාගය දිනා ගත්තාය.
බටහිර සසෙක්ස් හි පිහිටි ලොව විශාලතම බීජ ගබඩාව වන මිලේනියම් බීජ බැංකුව කියු රාජකීය උද්‍යානය විසින් කළමනාකරණය කරනු ලැබේ.
විශේෂ 40,000කට ආසන්න ප්‍රමාණයක බීජ බිලියන 2.4 කට වඩා බැංකුවේ ඇත.
බී.බී.සී ඇසුරිනි