සහල් කිලෝවක් රුපියල් 200පනී

සහල් කිලෝවක් රුපියල් 200පනී
Spread the love

මහ පරිමාණ සහල් නිෂ්පාදකයන් කීරි සම්බා නාඩු සහල් මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් යළි ඉහළ දමා ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා ‘ලංකාදීප‘ පුවත්පත සමග පවසා ඇත.

ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් ද, ඉහළ දමා ඇති බවයි ඔහු සදහන් කර ඇත්තේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා කිලෝවක් රුපියල් 210 ක් දක්වා ද, සම්බා කිලෝවක් රුපියල් 155 ක් දක්වා ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 130 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා වැඩි දුරටත් කීය.

රජය සහල් පාලන මිල ඉවත්කිරීමෙන් පසු නාඩු කිලෝවක් රුපියල් 115 කට, සම්බා කිලෝවක් රුපියල් 140 කට සහ කිරී සම්බා කිලෝවක් රුපියල් 165 කට අළෙවි කරන බව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් මුදිත පෙරේරා මහතා මෙසේ ද පවසා තිබෙනවා. ‘රජය සහල් පාලන මිල ඉවත් කරමින් නරියට කුකුල්ළු බාර දුන්නාක් මෙන් මහ පරිමාණ සහල් නිෂ්පාදකයනක් කීපදෙනකුට රටේ සහල් මිල පාලනය බාර දී තිබෙනවා. මීට පෙර අඩු මිලට ගත් වී අඹරණ ගමන් එළියෙ වී මිල ඉහළ දමා අධික ලාභයක් ලැබීම සහල් මාෆියාවයි.