කොළඹ වරායේ බටහිර පර්යන්තයට ආයෝජනය කළ අදානි ජනපති හමුවෙයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයට ආයෝජනය කළ අදානි ජනපති හමුවෙයි
Spread the love
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපරික ගෞතම් අදානි මහතා ඇතුළු පිරිසක් පෞද්ගලික ගුවන් යානා දෙකකින් ඔවුන් ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ගෞතම් අදානි මහතා අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇති අතර එහි සදහන් වන්නේ බටහිර පර්යන්ත ව්‍යපෘතිය පිළිබඳව, බලශක්ති පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට පසුගිය සැප්තැම්බර් 30 වනදා කොළඹදී අත්සන් තැබී ය. එහිදී වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් මෙම ගිවිසුමට අත්සන් කර තිබිණ.

වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නියමිත අතර ඒ අනුව සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගමයි.

මේ අතර ගෞතම් අදානිගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මන්නාරමේ සංචාරයක නිරත වන බව අප වාර්තාකරු පවසයි.