සියල්ලන් බලා සිටි වෛද්‍ය අධ්‍යාපනයේ – රජයේ ප්‍රතිපත්තිමය තීරණය මෙන්න…

Spread the love

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා අධ්‍යාපනයේ නිදහස පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීරණ අද ප්‍රකාශයට පත්කෙරැණා.

ඒ, උසස් අධ්‍යාපන හා මහා මාර්ග , සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය යන අමාත්‍යාංශ හා ජනාධිපති ලේකම් කාර්යාලය අනුබද්ධවයි. 

වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නීතිගත කිරීම, ලියාපදිංචි පෞදිගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපන මට්ටම, පරිපාලනය හා කළමනාකාරීත්වය පිළිබඳ නිශ්විත තත්වයක් හා ප්‍රමිතියක් අනිවාර්ය කිරීම සහ සෑම ආයතනයක්ම කොළඹ කොටස් වෙළෙදපොළේ ලැයිස්තුගත සමාගමක් ලෙස, පාලක මණ්ඩලයකට යටත්ව ක්‍රියාත්මක කරවීමෙන් ජනතා හිමිකාරීත්වය සතු ආයතන බවට එම ආයතන පත්කිරීම, වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් සිසුන්ට හෝමාගම හෝ අවිස්සාවේල්ල රජයේ රෝහල්වල සායනික පුහුණුව දීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්විවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් පෙනී සිටීම අනිවාර්ය කිරීම, රජයේ තීරණ ක්‍රියාත්මක කරන තෙක් සයිටම් ආයතනයට නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවීම,  වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට මෙරටදීම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීම හා ඒ සදහා ප්‍රමිතිගත පදනමක් මත පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීම, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මගින් සිසුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම සහ රජයේ වෛද්‍ය පීඨ සඳහා බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම හා නව වෛද්‍ය පීඨයක් ඇරඹීම එම ප්‍රතිපත්තිමය තීරණ වේ. 

[rns_reactions]