අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි
Spread the love

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද   93 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ  සම්මත විය. විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක්  ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 60ක් පමණි.

සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු විසර්ජන පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ  කළහ.

දෙවැනි වර කියවීමේ විවාදය අවසන් වීමෙන් පසු අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද( 23) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන මස 10වැනිදා  දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතය. අයවැය  විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ලබන මස
10 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ.