එළවළු ලැබීම ඉහළ යද්දී මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට

එළවළු ලැබීම ඉහළ යද්දී මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට
Spread the love

දිවයිනේ වීවිධ ප්‍රදේශවලින් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (23) දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ අගයත් පැවතීමත් සමඟ පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව කිලෝවල්  රුපියල් 50 ත් 60 ත් අතරප්‍රමාණයකින් අඩු  වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දින වැඩි වශයෙන් කන්ද උඩරට ප්‍රදේශය වලින් කැරට්, ලීක්ස්, බීට්, ගෝවා ආදී එළවළු වර්ග ලැබී තිබුණු බවත් ඇතැම් එළවළු ඉහළ මිලක් ප්‍රකාශ කර ද එම මිල ගණන් යටතේ අලෙවි නොවීම නිසා අඩු මුදල මිල ගණන් යටතේ අලෙවි කිරීම්ට සිදුවන බව වෙළෙන්දෝ පවසති.

එමෙන්ම පහත රට ප්‍රදේශවලින් සහ යාපනය  අර්ධද්වීපයෙන් ද මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වම්බටු ,මෑකරල්, දඹල, පතෝල, තක්කාලි ආදී එළවළු වර්ග සැලකිය යුතු ප්‍රමාණයක්  ලැබුණු බව පෙන්වා දෙන වෙළෙඳු කියා සිටියේ දුර බැහැර  ප්‍රදේශවල එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගෙන් අඩුවීම නිසා මිල පහත වැටීම සිදු වෙමින් පවතින බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් තුන් 300 ත්  350 ක් අලෙවි වූ ලීක්ස් කිලෝව අද දින උදේ රුපියල් 260 ත්  280 මිලක් පැවතිණි, රුපියල් 350ක් ව පැවති කැරට් කිලෝ එකක  තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර මිලක් පැවතිණි. රුපියල් 350  අලෙවි වූ බෝංචි කිලෝ එකක් රුපියල් 200 ක් 220 අතර මිලක්  පැවති අතර රුපියල් 280 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 200ත්  220 යන තොග මිලයකට  අලෙවි වීම විශේෂ විශේෂත්වයකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින දකුණු පළාතෙන් දෙල් යම් මට්ටමකින් ලැබීම් ඉහළ ගොස් තිබීමත් සමග රුපියල්  200 කට  පැවති දෙල් ගෙඩියක තොග මිල අද දින රුපියල් 130 සිට 160 දක්වා මිලකට අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු පෙරදින ආර්ථික මධ්‍යස්ථාන වලට නොලැබීම නිසා අද දින අඟහරුවාදා දිනයක් වීම, දිවයිනේ පැවති වර්ෂා සහිත කාලගුණය පහව  යෑම්, එළවළු නිෂ්පාදනය කළ ගොවීන් වැඩි වශයෙන් තම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ඒම යන කරුණු  නිසා යම් මට්ටමකින් එළවළු ලැබීම ඉහළ අගයක් ගත් බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල