විදේශ සේවා නියුක්තිකයින්ගේ ඩොලර් වලට අමතර රුපියල් 10ක අමතර දිරි දීමනාවක්

විදේශ සේවා නියුක්තිකයින්ගේ ඩොලර් වලට අමතර රුපියල් 10ක අමතර දිරි දීමනාවක්
Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් “විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කර දෙසැම්බර් මස .01 සිට දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා එ.ජ. ඩොලරයකට රුපියල් 8.00ක අමතර දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව, 2021 දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා ලැබෙන මුළු දිරි දීමනාව එ.ජ. ඩොලරයකට රු. 10.00කි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන අතිරේක දිරිගැන්වීම් හේතුවෙන් විධිමත් බැංකුකරණ මාර්ග ඔස්සේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය වනු ඇතැයි ද, එමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ඒ අතරම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් පියවර ගනිමින් සිටින අතර, එමගින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.

ඒ අතරම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පියවර ගනිමින් සිටින අතර, එමඟින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇතැ යි මහ බැංකුව නිවේදනය කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ, බැංකුවලට ප්‍රේෂණ ගෙන්වා ගැනීමට පොළඹවාලීම සඳහා මුංමුලා වූ මහ බැංකුව ඩොලරයකට අමතර රුපියල් 10ක් ගෙවමින් “කැරට් පෙන්වීමක්” කර ඇති බවයි.

නීතිවිරෝධී විදේශීය මුදල් මාරුකිරීම් සඳහා භාවිතා කරන ගිණුම් අත්හිටුවීමේ තර්ජනය පිළිබඳව ද අදහස් දක්වමින් ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ, පළමුව මෙය 1977ට පෙර පැවති මිල අධික බහු විනිමය හුවමාරු භාවිතයන් වෙත ආපසු යාමක් බවයි. එවැනි මුදල් එවීම් අනාවරණය කළ නොහැකි බැවින්, මෙවැනි තර්ජන බලාත්මක කිරීමට අපහසු පියවරක් වනු ඇතැ යි ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.